×

ටෙනසිහි ​​​​කුණාටු තත්වයන් හේතුවෙන් 6 දෙනෙකුට ජීවිත අහිමි වේ

ගලවා ගැනීමේ හදිසි සේවා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර අවතැන් වූවන්ට හෝ ආධාර අවශ්‍ය අයට නවාතැන් ගැනීමට ප්‍රාදේශීය පාසල් හා පල්ලි සුදානම් කර ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ,


එක්සත් ජනපදයේ දකුණේ ගොඩබිම් ප්‍රාන්තයක් වන ටෙනසිහි දරුණු කුණාටු සහ ටොනේඩෝ බලපෑම හේතුවන් 6 දෙනෙකු මියගොස් 23 දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

දරුණු කුණාටු සහ ටොනේඩෝ බලපෑම හේතුවෙන් ටෙනසිහි 80,000 කට වැඩි පිරිසකට විදුලිය විසන්ධි වී ඇති අතර ජාතික කාලගුණ සේවය විසින් ටෙනසි හි තදාසන්න මොන්ට්ගොමරි ප්‍රාන්තය ආදී ප්‍රදේශ කිහිපයකට ඊයේ (09) පස්වරුවේ ටොනේඩෝ හදිසි අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබුණි.

ගලවා ගැනීමේ හදිසි සේවා මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින අතර අවතැන් වූවන්ට හෝ ආධාර අවශ්‍ය අයට නවාතැන් ගැනීමට ප්‍රාදේශීය පාසල් හා පල්ලි සුදානම් කර ඇති බවයි ප්‍රාදේශීය මාධ්‍ය වාර්තා කර තිබුණේ,

ප්‍රාන්ත නගරාධිපති වෙස් ගෝල්ඩන් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණේ, මෙය අපගේ ප්‍රජාවට දුක්බර දවසක්වන බවත්, තුවාල වූවන්, ආදරණීයයන් අහිමි වූවන් සහ ඔවුන්ගේ නිවාස අහිමි වූවන් වෙනුවෙන් අපි යාඥා කරන බවත්ය.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි