×

එංගලන්ත අගමැති පුටුව කාටද?

මේ පිළිබද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම එළැඹෙන සතියේදී පැවැත්වෙනු ඇත.


හිටපු මහා බ්‍රිතාන්‍ය අගමැතිනිය තෙරේසා මේ සිය ධූරයෙන් ඉල්ලා අස්වීමත් සමග හිස් වූ අගමැති පුටුව සදහා කිහිප දෙනෙකු අතර තරගය පැවතින. ඒ සදහා ඉදිරිපත් වූ පිරිස අතරේ මුලින්ම සිවු දෙනෙකු තොරා ගැනුනි. ඒ බොරිස් ජොන්සන්, ජොරමි හන්ට් , මයිකල් ගෝ සහ සජිඩ් ජාවිඩ්ය. මේ අතරින් රහස් ඡන්දයක් මගින් පසුව තිදෙනෙක් තෝරා ගැනුන අතර මේ වන විට අවසන් වටය සදහා බොරිස් ජොන්සන් සහ ජෙරමි හන්ට් තරග වැදෙනු ඇත.

එම දෙදෙනා අතරින් එක් අයෙකු තොරා ගැනීම සදහා කොන්සවේටිව් පාර්ලිමේන්තු සාමාජිකයින් විසින් සිය ඡන්දය ලබා දීමට නියමිත වේ. සිය පක්ෂයේ නායකයා කවුරුන්දැයි තෝරා ගැනීම ඔවුන්ගේ අරමුණයි. මේ පිළිබද තැපැල් ඡන්ද ප්‍රකාශ කිරීම එළැඹෙන සතියේදී පැවැත්වෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි