ඉන්දියානු නිදහස වෙනුවෙන් නායකත්වය දුන් ප්‍රථම ඉනිදීය ස්වදේශී කටයුතු අමාත්‍ය සර්දාර් වල්ලභායි පටෙල් ගේ පිළිරුව ලොව උසම පිළිරුව බවට පත්කරන්නට ඉන්දියානුවන් නොබෝද කටයුතු කළෝය. ඒ ගුජරාට් ප්‍රාන්තයේ කේවදියා නගරයේය.
ප්‍රන්ත රජය පවසන පරිදි මෙහි උස මීටර් 182කි. එනම් අඩි 597කි. ලෝකයේ උසම පිළිම කිහිපයෙන් එකක් වන මෙය නිර්මාණය කිරීම සඳහා ඉන්දියාව විසින් ඩොලර් මිලියන 403ක් වැය කරන ලදී.
“Statue of Unity” හෙවත් එක්සත් බවේ ප්‍රතිමාව ලෙස නම් කර ඇති මෙම පිළිරුව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි විසින් විවෘත කෙරිණි.
ඉන්දියාවේ යකඩ මිනිසා නමින් හඳුන්වන ලද වල්ලභායි පටේල් ඉන්දීය නිදහස් සටන තුළ ඉන්දියානුවන් වෙනුවෙන් දිවි පරදුවට තැබූවෙකි.
නමුත් ඉන්දියාව, අවිහිංසාවේ පියා යනුවෙන් ලෝක ප්‍රසිද්ධියට පත් මහත්මා ගාන්ධිතුමාගේ පිළිරුවක් මේ තරම් උසින් තනන්නේ නැතිව ඒ සඳහා සර්දාර් පටෙල්වම තෝරාගත්තේ ඇයි? එය ඔබ දැනගත යුතුම අතුරු කතාවකි.
ඒ පිළිබඳ අවුට්බවුන්ඩ්ටුඩේ තුළින් පළ වූ සවිස්තරාත්මක ලිපිය මෙතැනින් කියවන්න.