×

Toxic පුරුෂාධිපත්‍ය යටගහගත් අපේ කාලයේ රංඟධරයන්!

Toxic කියද්දිම අපිට ආපෝ ගෑවෙන තරම්! මොකද Toxic මිනිස්සු එක්ක ගනුදෙනු කරන එකම ඔලුවට හරි බරක් වනවා නොඅනුමානයි. ඉක්මනට තරහයෑම, ඉක්මන් තීරණ ගැනීම, තනි මතයක සිටීම ආදී හුරු පුරුදු මේ Toxic මිනිස්සු ලඟ තියෙනවා.. ඉතින් මේ සටහන “Toxic Masculinity” එහෙමත් නැතිනම් විසකුරු පිරිමිකම ගැන කතා කරන පොයින්ට්ස් ටිකක් උලුප්පවා දෙන්නයි… “Toxic Masculinity” හෙවත් විසකුරු පිරිමිකම; […]


Toxic කියද්දිම අපිට ආපෝ ගෑවෙන තරම්! මොකද Toxic මිනිස්සු එක්ක ගනුදෙනු කරන එකම ඔලුවට හරි බරක් වනවා නොඅනුමානයි. ඉක්මනට තරහයෑම, ඉක්මන් තීරණ ගැනීම, තනි මතයක සිටීම ආදී හුරු පුරුදු මේ Toxic මිනිස්සු ලඟ තියෙනවා.. ඉතින් මේ සටහන “Toxic Masculinity” එහෙමත් නැතිනම් විසකුරු පිරිමිකම ගැන කතා කරන පොයින්ට්ස් ටිකක් උලුප්පවා දෙන්නයි…

“Toxic Masculinity” හෙවත් විසකුරු පිරිමිකම;

“විෂ සහිත පුරුෂභාවය” යන යෙදුම 1990 ගණන්වල සහ 2000 ගණන්වල මුල් භාගයේ අපැහැදිලි විය. නමුත් 2015 පමණ සිට එය පිරිමින් සහ ස්ත්‍රීපුරුෂ භාවය පිළිබඳ සාකච්ඡා බහුලව පැතිරී ගොස් තිබේ.

“පිරිමිකම” යන්නෙන් අදහස් කරන්නේ යම් සමාජයක පිරිමි ළමයින්ට සහ පිරිමින්ට සුදුසු යැයි පෙනෙන භූමිකාවන්, හැසිරීම් සහ ගුණාංග ය. කෙටියෙන් කිවහොත්, පුරුෂාධිපත්‍යය යන්නෙන් අදහස් කරන්නේ පිරිමින් පිළිබඳ සමාජයේ අපේක්ෂාවන් ය.

විසකුරු පිරිමිකම හෙවත් නපුරට හේතුවන පුරුෂාධිපත්‍යය යනු සමාජයට සහ තමන්ටම හානි වන අන්දමේ ඇතැම් පිරිමි හැසිරීම් සමූහයකි. සමාජආධිපත්‍යය, ස්ත්‍රී ද්‍රෝහීත්වය හෙවත් පුරුෂ මූලික සමාජය සහ සමලිංගික භීතිකාව වැනි සාම්ප්‍රදායික පුරුෂාධිපත්‍යයේ පැතිකඩවල් ඔස්සේ මූලාරම්භයක් ගනිමින් මෙම Toxic Masculinity ය බිහි වේ. ලිංගික හිංසනයන් සහ ගෘහස්ථ හිංසනය ඇතුළු ප්‍රචණ්ඩත්වය මුල් කරගෙන ඇතිවන ආකල්ප නිසා වර්තමානයේ බොහෝ පිරිමි අතර මෙය සුලබ කරුණක්ව ඇත.

ආත්ම විශ්වාසය සහ චිත්තවේග පාලනයේ දුර්වලතාව, මානසික අවපීඩනය, වැඩි ආතතිය සහ මත්ද්‍රව්‍ය භාවිතය ආදිය මඟින් තමන් තමයි පොර කියලාහිතන් ඉන්න අයියලාට ඇතිවන මානසික බලපෑම් නිසා මෙවැනි Toxic තත්ත්වයන් ඇතිවිය හැක.

විටෙක අපි නොදකින පැත්තකින් මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය. සිරගෙදර ඉන්න මිනිස්සු ඔබ දැක තිබේද? ඔවුන්ගේ හැඟීම්බර ජීවිතය හිර කරගෙන ඉන්නවා කියන්නෙම Toxic අවධියකට එන්න තියෙන පාර කැපීමක්.

පිරිමියෙක් තම රැකියාවට ඇති ලැඳියාව, ක්‍රීඩාවක දක්ෂතාවය පිළිබඳ ඇතිවන ආඩම්බරය සහ තම පවුලට අවශ්‍ය පහසුකම් සැපයීම වැනි අනෙකුත් සම්ප්‍රදායික පුරුෂ ලක්ෂණ “විසකුරු” ගණයට නොසැලකෙන්නේ එවැනි ගති පැවතුම් සාර්ථකත්වය, වගකීම් ආදිය මත පදනම් වන බැවිනි.

The Convesation

මෙම සංකල්පය මුලින්ම භාවිතා කරන ලද්දේ Shepherd Bliss වැනි මිථ්‍යාදෘෂ්ටික කතුවරුන් විසිනි.

මෙම Toxic Masculinity නම් මතය; විසකුරු පිරිමිකම පිළිබඳ සංකල්පය හෝ එහි ඇතැම් හැසිරීම් සම්ප්‍රදායික පුරුෂභාවය අනිසි ලෙස හෙළා දැකීමක්ලෙසත්, ඇතැම් ස්ත්‍රීවාදී අයවලුන් විසින් පුරුෂත්වයට හානි පැමිණවීමට ඇති කරගත් සංකල්පයක් ලෙසත් ඇතැමුන් විවේචනය කරන ලදී.

Toxic Masculinity විශාල වශයෙන් ගැබ් වූ නිර්මාණයන් අතර

Fight Club (1999) R | 139 min | Drama
Joker (I) (2019) R | 122 min | Crime, Drama, Thriller
Scarface (1983) R | 170 min | Crime, Drama
The Dark Knight (2008)
The Power of the Dog (2021)
Unforgiven (1992)
Dirty Harry

මේවායින් එකක් හෝ ඔබ නැරඹුවහොත් ඔබට යම්තාක් දුරට විසකුරු පිරිමිකම ගැන අවබෝධයක් ලබාගත හැකිය.

කෙසේවෙතත් Toxic පිරිමින්ට අභියෝග කරමින් මානුෂීය අතින් පොහොසත් වූ සිහින තරු කීපයකට අවධානය දෙන්නයි මේ සූදානම…

ක්‍රිස් එවෑන්ස්, රයන් රෙනෝල්ඩ්ස්, ද රොක්, කිට් හැරින්ටන්, ටොම් හොලන්ඩ්,ඩේවිඩ් බෙකම්,සයන් මලික්, ජේක් ජිලන්හෝල්, වෙස්ලි ස්නයිප්ස්, පැට්‍රික්ස්වෙයිස්, රොබින් විලියම්ස්, බ්‍රැඩ්ලි කූපර්, රන්වීර් සින්ග් ඒ අතරින් කිහිප දෙනෙක්..

Chris Evans හෙවත් ඔබ අපි කවුරුත් දන්නා Captain America චරිතයට පමණක් නොව සැබෑ ජීවිතයේදී වුව ද ජෙන්ට්ල්මන් ගතිය පමණක් නොව ඔහුගෙන් සමාජයට ලබා දිය යුතු පණිවිඩය කියාපාන අයෙකි.

The Direct

අපි කැප්ටන් ඇමරිකාගෙන් පටන් ගනිමු – සොල්දාදුවෙකු, නායකයෙකු මෙන්ම හරිහමන් උසක් සහිත මාංශපේශී වලින් සමන්විත සුදු මිනිසෙකු ලෙස, කැප්ටන් ඇමරිකා සාම්ප්‍රදායික ඇමරිකානු පුරුෂභාවයේ ප්‍රතිමූර්තියකි. නමුත් ඔහු ඉතාම ඉවසිලිවන්ත, තමන් කැප්ටන් ඇමෙරිකා කියාගත්ත ලේබලය ඔලුවේ ගසාගෙන නැති සාමාන්‍ය රංඟනශිල්පියෙකි.

තමා පරිපූර්ණයි කියලා ඔලුවට එන ගොඩාක් පිරිමින්ට එන ලොකුකම Evans ට නැත. ඔහු විසකුරු පිරිමිකමට අභියෝග කළ අපේ කාලේ වීරයෙකි.

ඩ්වේන් “ද රොක්” ජොන්සන් පිලිබඳ කතා කිරීමේදී ඔහු බලසම්පන්න, කඩවසම් සහ මනා පෞරුෂත්වයකට හිමිකම් කී අයෙකි. ඔහුගේ දැඩි බාහිර පෙනුමක් තිබිය ද රොක් ඔහුගේ හැඟීම් බෙදා ගැනීමට නොපැකිලිණු අයෙක්..

වසර ගණනාවක් තිස්සේ මානසික අවපීඩනයෙන් පෙළෙන්නන්ට ඔවුන්ගේ මානසික සෞඛ්‍යය ගැන කතා කිරීමට දිරිමත් කරමින් ඒවාට මුහුණ දියයුතු අන්දමද මනාව කියා දෙයි. ඩේලි එක්ස්ප්‍රස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පවා රොක් පැවසුවේ මිනිසුන්ට වේදනාවෙන් සිටින විට ඔවුන්ට උපකාර කිරීමේ වැදගත්කම අවධාරණය කර දෙමින් ඔවුන් තනිවම නොවන බව ඔවුන්ට මතක් කරන බවයි.

මේ කිසිවක් නොව ඔහු ලස්සන දූ පොඩිත්තන් සිටින පියෙකි. ඔහු පියා යන භූමිකාවට කදිම නිදසුනක් ලබා දෙමින් ඔහු ඔවුන් එක්ක සෙල්ලම් කරමින් සිටිනවීඩියෝවක් පසුගිය දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය විය. එහිදී රොක්, තමන්ගේ දියණියන් විසින් මේක්අප් කරමින් රෝස පැහැ ඇඳුම් අන්දමින් ඔහුසමඟ සතුටු වෙයි. නමුත් මෙවැනි වීඩියෝ අද කාලේ පිරිමිකම ඔලුවට ගහගත් අයටනම් ලොකු ප්‍රශ්නයක් කරගෙන දඟලනවා නොඅනුමානයි. නමුත් රොක්, ඔහු එයට කලඹල වූයේවත් ළමයින්ට බැන වැදුනේවත් නැත. ඔහු Toxic Masculinity බිඳ දැමීමට එක් වූ තවත් පිරිමියෙකි.

Ryan Reynolds පවසන පරිදි ප්‍රසිද්ධ පුද්ගලයින්ට හානිකර පිරිමි ඒකාකෘතිවලට එරෙහිව පසුපසට තල්ලු කිරීමක් නොව ඔවුන්ට ඔවුන් වීමට හොඳ ආකල්ප අවබෝධ කර දිය යුතු බවයි.



“මම පිරිමි ළමයින් හතර දෙනෙකුගෙන් බාලයා ලෙස හැදී වැඩුණු අතර, මගේ පියා බොක්සිං ක්‍රීඩකයෙකු සහ පොලිස් නිලධාරියෙකු ව සිටි බවත්” පුරුෂභාවය සහ පිරිමියෙකු වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද යන්න පිළිබඳව විශාල දැනුමක් එමඟින් ඔහුගේ ජීවිතයට ලැබුණු බවත් ඔහු පවසා සිටියේය.

රයන් Deadpool ඇක්ෂන් මූවි එක හරහා සුපිරි වීරයෙක් වුවත් කතාව පුරා ඔහු දාන ඉඟි බිඟි වැඩ කෑලි නිසා ඒ චරිතය කාන්තා ලාලිත්‍ය මතු වූ හරි අපූරු නිර්මාණයක්.. එකෙන් කියන්නේ ඕනෑම සුපිරි වීරයෙක්ට තමන්ටම සුවිශේෂී අනන්‍යතාවයක් තිබ්බත් බොරුවට පපුව ඉස්සරහට දාගෙන ගැම්මෙන් පිරිමිකම ඕනවට වඩා පෙන්නන්න යනවට වඩා තමන්ට තමන් වෙන්න පුලුවන් කියන මානසික මට්ටම රසිකයන්ට දැනවීමට වෙන්න පුලුවන්..


එපමණක් නොව ගේම් ඔෆ් ත්‍රෝන්ස් හි තම රංඟනයෙන් දස්කම් පෑ කිට් හැරින්ටන් ගැනත් කතා කල යුතුමය. ඒ ඔහු ද විසකුරු පිරිමිකමට අභියෝගයක්එල්ල කළ තවත් අයෙක් වශයෙනි. සිනමා ලෝකය ඔබ අප දකින ෆැන්ටසි ලෝකය නොවේ. ඒක ඇතුළේ රංඟනශිල්පීන්ගේ මහන්සිය කැපවීමට අමතරවහැඟීම් එක්ක පොරබදින අභ්‍යන්තරයක් තියෙනවා.. අපි දකින බාහිර රූපයට වඩා ඒක හාත්පසින්ම අමාරු වැඩක්.. මේ නිසා ඔහු ආයේ ඇක්ෂන් රෝල්ස් භාර ගන්න අකමැත්තත් ප්‍රකාශ කරලා තියෙනවා..


ඔහු විසකුරු පුරුෂාධිපත්‍යය පිළිබඳ ඔහුගේ අදහස් ගැන ද කතා කළ අතර, Game of Thrones වීරයා වන Jon Snow වැනි ඒකාකෘතික වීරයෙක්ගේ චරිත රඟ දැක්වීමට ඔහුට නැවත යාමට අවශ්‍ය නැති බව හෙළි කළේය.

“මට හැඟෙන්නේ පිරිමින්ට චිත්තවේගීය වශයෙන් ගැටලුවක්, අවහිරයක් ඇති බවත්, එම අවහිරය දෙවන ලෝක යුද්ධයෙන් පැමිණ ඇති බවත්, එය සීයාගේ සිට පියාට සම්ප්‍රේෂණය වී ඇති බවත්” ඔහු විටෙක පැවසීය.

“අපට හැඟෙන ආකාරය ගැන අපි විවෘතව කතා නොකරන්නේ එය දුර්වලකමක් පෙන්නුම් කරන නිසාත්, එය පෞරුෂත්ව ගතියක් නොවන නිසාත්” යන පුහුමාන්නය හේතුව නිසාය. ඔහු කියන වචනයක් ගානෙ සමාජයට දෙන්න හඳන්නේ වීරයෙක් උන පළියට පිරිමියෙක් වෙන්නේ නෑ ඊට තව ගුණාංග ගොඩාක් තියෙන්න ඕනි ලෙසය.

Harington ඉතා මෑතකදී Netflix හි Criminal ඔස්සේ රඟපෑ අතර Marvel චිත්‍රපටියක් වන Eternals හි දැකගත හැකිය.

ඔහු සමරිසි අයවලුන්ට ද ක්ෂේස්ත්‍රය තුළ වැඩි ඉඩකඩක් ලබා දිය යුතුය යන්න මතය ද ගෙන ආවේ සැමටම එක ලෙස සැලකීමට ලබා දෙන උපදේශයත්සමඟින් ය.

මීට අමතරව බොලිවුඩය පැත්තට ගියොත් “රන්වීර් සින්ග්” Toxic පිරිමින්ට, ගැහැණු පහත් යැයි සලකන සමාජයට කදිම නිදසුනක්! ඔහු දීපිකා පදුකෝන් වන ඔහුගේ බිරිඳට ප්‍රසිද්ධියේ දක්වන ආදරය සෙනෙහස පිරිමිකම කියලා ඔලුවේ ලේබලයක් ගහගන්නේ නැතිව කවුරු හිටියත් කොහේ හිටියත්, ප්‍රවීණයන් ඉදිරියේදි වුණත් තමන්ගේ බිරිඳ කියන තැන එයාට දීලා සලකන විදිය බලන ඕනෑම අයෙක්ට පෙනෙන දෙයක්!


මෙවැනි විවිධාකාරයෙන් විසකුරු පිරිමිකම නසන්නට උරදුන් තවත් අයවලුන් බොහෝමයක් සිටින අතර ඉදිරි පරම්පරාවටත් පොළවේ පය ගහලා ඉන්නලෝකයක් මෙමඟින් අත්වේ’ යැයි අපි සිතමු!

සටහන – නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි