×

Sex Dolls – වරදෙ බැඳෙන නොමිනිසුන් කවුරුද – වරදෙ නොබැඳෙන මිනිසුන් කවුරුද?

මේ කාම බෝනික්කන් සැබෑ ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ ලිංගික සහකරුවන් ලෙස හෝ සහකාරියන් ලෙස හෝ ක්‍රියා කරයි. Sex Dolls / Sex Robots යන නම්වලින් හඳුන්වන ඔවුන් සැබෑ ජීවිතෙය් ලිංගික සබඳතාවල ඛේදවාචකයක්ද? නැතිනම් නව මානයක්ද?


“සෙක්ස් ඩෝල්ස්” හෙවත් කාම බෝනික්කන් sex dolls වත්මන් ලෝකයට නවමු අත්දැකීමකි. මේ කාම බෝනික්කන් සැබෑ ලෝකයේ ජීවත්වන මිනිසුන්ගේ ලිංගික සහකරුවන් ලෙස හෝ සහකාරියන් ලෙස හෝ ක්‍රියා කරයි.

ඒවා රොබෝ ක්‍රියාකාරීත්වයකින් ද කෘත්‍රිම බුද්ධියකින් ද සමන්විතය. කාම බෝනික්කන්ගේ හැකියාවන් වර්ධනය කිරීම සඳහා ඒවාට දිනෙන් දින නව තාක්ෂණය ද එකතු කෙරේ. එමඟින් අපේක්ෂා කරන්නේ සැබෑ සහකරුවකු හැටියට හෝ සහකාරියක හැටියට හෝ ක්‍රියාත්මක වීමේ ගුණය ඒවාට ඇතුළු කිරීමයි. මේ ක්ෂේත්‍රය කෙතරම් වේගයෙන් දියුණුවෙමින් පවතින්නේදැයි කියා කිවහොත් කාම බෝනික්කන් පිළිබඳ පර්යේෂණ කෙරෙන පර්යේෂණාගාරත්, කාම බෝනික්කන් තනන කර්මාන්ත ශාලාත් ලොව තැනින් තැන ඉදිවෙමින් පවතී. කාම බෝනික්කන් නිෂ්පදනය කරන ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලාවක් වන “රියල්බයිටික්” සමාගම ඇමෙරිකා එක්සත් ජනපදයේ ලොස් ඇන්ජලීස්හි ස්ථාපිතය. මේ කර්මාන්ත ශාලාව මඟින් “හාර්මොනි” නමැති කාම බෝනික්කියත් “හෙන්රි” නමැති කාම බෝනික්කාත් අලුතින් හඳුන්වා දීමට නියමිතය.

Australian sexologist Dr Nikki Goldstein

 

හාර්මොනි සහ හෙන්රි කාම බෝනික්කන් දෙදෙනාම ඉහළ මට්ටමේ රොබෝ ක්‍රියාකාරීතත්වයන් සහිත ඒවා ලෙස නම් කර ඇත. ඒ නිසා ඒවාට ඇතුළු කර තිබෙන්නේ කාම බෝනික්කන් තැනීමේ කලාව තුළ පෙර නොවූ විරූ, නෑසූ විරූ තරමට දියුණු තලයකට පමුණුවනු ලැබූ කෘත්‍රිම බුද්ධීන් බැව් සඳහන් වේ. කෙටියෙන් කිවහොත්, ඒවායේ පරිහරණය කෙරෙන තාක්ෂණ මිනිසා තුළ සැණෙකින් රෝමෝද්ගමනයක් ඇති කරවන සුළුය. “රියල්බයිටික්” සමාගමේ ප්‍රධානී මැට් මැක්මුලන්, හාර්මොනි සහ හෙන්රි කාම බෝනික්කන් යුවළ ගැන පවසන්නේ මෙවැනි අදහසකි.

“… මට වුවමණා වුණේ, භාවිත කරන්නාට ඉතාම සමීපව කටයුතු කරන කාම බෝනික්කන් නිර්මාණය කරන්න. විවිධ චරිතවලට අනුව ඔවුන් වෙනස් වන්නට හැකි බෝනික්කන්. ගනුදෙනුකරුගේ අවශ්‍යතාවයට සරිලන අන්දමට මේ බෝනික්කන් මිලදී ගන්න පුළුවන්. අපි චරිත කිහිපයක්ම ඉදිරිපත් කරනවා. ඒ සෑම එකකම තියෙන්නේ එකම රොබෝ තාක්ෂණ පදනමක්. …”

A new breed of sex dolls | අැය කෘතිම බුද්ධියක් සහිත ය.

මැට් මැක්මුලන් කියන අන්දමට මේ කාම බෝනික්කන්ට හිස ඉහළට පහළට වගේම දෙපසටත් චලනය කරන්නට පුළුවන. එක් පැත්තක සිට අනෙක් පැත්ත බැලීමේ සහ ඉහළ සිට පහළ බැලීමේ හැකියාවන් බෝනික්කන් සතුය. ඔබ අවට විදුලි පහන් නිවා දැමුවහොත් හෝ ඔබ එම කාම බෝනික්කන් දණ ගැස්වුවහොත් ඒ බැව් පහසුවෙන්ම දැනගෙන ඊට අනුරූපව ප්‍රතිචාර දක්වන්නට ඒ බෝනික්කන් සමත් ය. ඔබ සිටින තැනට එම් බෝනික්කන් මින් පෙර නුදුටු කෙනෙකු පැමිණියහොත් එය පැහැදිලිව තේරුම් ගන්නට ඔවුන්ට පුළුවන. එයට හේතුව එදිනෙදා හමුවන පුද්ගලයන්ගේ මුහුණු ආශ්‍රිත දත්ත ගබඩා කර තබා ගැනීමේ හැකියාවක් මේ කාම බෝනික්කන් සතුව පැවතීමයි.

Realistic features mean sex dolls look as good, if not better, than their human counterparts

හාර්මොනි, උච්චාරණය කිරීමේ හැකියාව සහිත බෝනික්කියෙකි. මුඛය චලනය කිරීමටත්, සිනාසීමටත් හැකි අන්දමට ඈ නිර්මාණය කර ඇත. ඇහිබැම ඉහළ පහළ කිරීමේ හැකියාවත් ඇයට තිබේ. හාර්මොනිට වගේම හෙන්රිටත් යම් පමණකට කතා කිරීමේ හැකියාව ඇත. හාර්මොනිට තිබෙන්නේ ස්කොට්ලන්ත මෘදු උච්චාරණ ස්වරූපයකි. එසේ වුවත් හෙන්රිට තිබෙන්නේ ඇමෙරිකා ජාතිකයන්ගේ ඉංග්‍රීසි උච්චාරණ විලාසයයි. ඔබ කුමක් කිව්වත් එයට කුමක් හෝ පිළිතුරක් ලබා දීමේ හැකියාව මේ කාම බෝනික්කන් සතුව ඇත.

Inside a sex dolls factory



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි