×

ඕමානයට වසන්තය ගෙනා කබූස් බින් සයිඩ් අල් සයිඩ් සුල්තාන්වරයාට ලෝක නායකයන් අවසන් ගෞරව දක්වයි !

පසුගිය සිකුරාදා වියෝ වූ 79 වන වියේ පසු වූ අරාබි ලෝකයේ දීර්ඝතම කලක් රටක පාලකයා ලෙස කටයුතු කළ සුල්තාන් කබූස් බින් සයිඩ් අල් සයිඩ් වෙත ලෝක නායකයින් සහ ඕමානයේ ජනතාව උපහාර දැක්වීමට එක් වූහ.


පසුගිය සිකුරාදා වියෝ වූ 79 වන වියේ පසු වූ අරාබි ලෝකයේ දීර්ඝතම කලක් රටක පාලකයා ලෙස කටයුතු කළ සුල්තාන් කබූස් බින් සයිඩ් අල් සයිඩ් වෙත ලෝක නායකයින් සහ ඕමානයේ ජනතාව උපහාර දැක්වීමට එක් වූහ.

දින 3ක් තිස්සේ ඕමාන වැසියන් වැලපෙමින් සිටින අතරතුර එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් සහ වේල්ස් කුමරු ශෝකය ප්‍රකාශ කිරීමේ උත්සවයක් සඳහා මස්කට් වෙත පැමිණ ඇත.

ලොව පුරා පුළුල් ලෙස ජනප්‍රිය වූ නායක කබූස් 1970 දී බලයට පත්වීමෙන් පසු ඕමානය සංවර්ධනය සඳහා මාවතකට යොමු කළේය. ඔහුගේ ඥාති සහෝදරයා වන හයිතම් බින් තාරික් අල් සයිඩ් අනුප්‍රාප්තිකයා ලෙස මේවන විට දිවුරුම් දී තිබේ.

කබූස් පවුලේ සුසාන භූමියක දේහය තැන්පත් කිරීමට පෙර සෙනසුරාදා අගනුවර සුල්තාන් කබූස් ග්‍රෑන්ඩ් පල්ලියහි දේහය මහජනතාවට ප්‍රදර්ශනය හා අවසන් ගෞරව දැක්වීම සදහා රඳවා තැබුණි. මෙසේ අවසන් ගෞරව දැක්වීම සදහා ලක්ෂ ගණනින් මහජනයා රැස්ව සිට ඇත. මරණයට කිසිදු හේතුවක් තවමත් තහවුරු කර නොමැති නමුත් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ ඔහු ආන්ත්‍රික පිළිකා රෝගයෙන් පෙළෙමින් සිටි බවයි.

අල්-අලාම් මාලිගයේ පැවති උත්සවය සඳහා මස්කට් බලා ගිය විදේශීය නායකයින් අතර කුවේට්, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ එමීර්වරුන් මෙන්ම බහරේන් රජු සහ ටියුනීසියානු ජනාධිපතිවරයා ද විය. කලාපයේ සංචාරයක් අතරතුර සිටින ජපාන අගමැති ෂින්සෝ අබේ ද සිය ගෞරවය පුද කිරීමට එක් විය.

එමෙන්ම එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙටන්‍යාහු හා ඉරාන විදේශ කටයුතු අමාත්‍ය ජාවඩ් සාරිෆ් වැනි ලෝක නායකයන් ද සුල්තාන්වරයාගේ ගුණ කථනය කරමින් අවසන් ගෞරව දැක්වීය.

 

 

 

 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි