×

ටෘඩෝ පාර්ලිමේන්තුවේදී සමාව අයැදියි

අගමැති ජස්ටින් ටෘඩෝ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, භයානක අත්වැරදීමක් තමන් අතින් සිදුවූ බවත්, සමූලඝාතන සමයේ දුක් විඳි සියලු දෙනාගේ මතකයට හානි කළ බවත්ය.


රුසියාවේ මිලිටරි ප්‍රහාරයට එරෙහිව කැනඩාවේ අඛණ්ඩ සහයෝගය ඉල්ලා ඔටාවා නුවරට ගොස් සිටි යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි සහභාගී වූ විශේෂ සැසිවාරයකදී 98 හැවිරිදි යාරොස්ලාව් හුන්කා නම් පුද්ගලයකු කරන ලද ප්‍රකාශයකට කැනේඩියානු අගමැති ජස්ටින් ටෘඩෝ විසින් ගෞරව දැක්වීම පිලිබදව කැනේඩියානු අගමැතිවරයා සමව අයැද ඇති බව වාර්තා වේ.

මෙම සැසියෙන් අනතුරුව යුදෙව් ප්‍රජා කණ්ඩායම් පසුව වාර්තා කළේ හුන්කා දෙවන ලෝක යුධ සමයේදී එස්එස් නාසි හමුදා ඒකකයේ 14 වන වොෆෙන් ග්‍රෙනේඩියර් අංශයේ සේවය කළ බවයි. ඉන් අනතුරුව සමාව යදිමින් අගමැති ජස්ටින් ටෘඩෝ මේ සම්බන්ධයෙන් ප්‍රකාශ කර තිබුණේ, භයානක අත්වැරදීමක් තමන් අතින් සිදුවූ බවත්, සමූලඝාතන සමයේ දුක් විඳි සියලු දෙනාගේ මතකයට හානි කළ බවත්ය.

මේ සම්බන්ධයෙන් ටෘඩෝගේ කාර්යාලය සහ ඔහුගේ ලිබරල් පක්ෂ ආන්ඩුවේ ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් පවසා ඇත්තේ හුන්කාගේ පාර්ලිමේන්තුවට කරන ලද ආරාධනය පිළිබඳව ටෘඩෝට පූර්ව දැනුමක් නොතිබූ බවයි.

සශිකලා මධුෂාණි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි