×

බීටෝ ඕරෝර්ක් ‘බල්ලෙකු මෙන් ඉවත්ව යන’ බව ට්‍රම්ප් කියයි!

තම ප්‍රතිවාදි බෙටෝ ඕරෝ‍ර්ක් “බල්ලෙකු මෙන් ඉවත්ව යනු ඇති බව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කියාසිටියි.


ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක බෙටෝ ඕරෝ‍ර්ක් සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කර පැය කිහිපයකට පසු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුව සමච්චලයට ලක් කර තිබේ.


Beto O’Rourke: “We do not have the means to pursue this campaign successfully”

තම ප්‍රතිවාදියා විස්තර කිරීම සඳහා ජනාධිපති ට්‍රම්ප් අසභ්‍ය වචන භාවිතා කළ අතර ඔහු පැවසුවේ බෙටෝ ඕ රූක් “බල්ලෙකු මෙන් ඉවත්ව යන” බවයි.

හිටපු ටෙක්සාස් කොන්ග්‍රස් සභිකයෙකු වූ ඕරෝර්ක් මහතා අගෝස්තු මාසයේදී සිය උපන් ගම වන එල් පැසෝහි සිදු වූ සමූහ වෙඩි තැබීමකින් පසු ට්‍රම්ප් ව දැඩි ලෙස විවේචනය කළේය.

ට්‍රම්ප්ගේ මෙම ප්‍රතිචාරය නිකුත් කරන්නේ වයඹ දිග සිරියාවේ එක්සත් ජනපද හමුදා මෙහෙයුමකදී ඉස්ලාමීය රාජ්‍ය (IS) නායක අබු බකර් අල් බග්දාඩි “බල්ලෙකු මෙන් මියගොස්” ඇති බව පවසමින් දින කිහිපයකට පසුවයි.

ඔහු මීට පෙර ද ට්විටර් වෙබ් අඩවියේ ඕරෝර්ක්ව සමච්චල් කර තිබේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි