×

ජනපති ට්‍රම්ප් ඇෆ්ගනිස්ථාන සාම සාකච්ඡාවලට තිත තියයි

'


ඇෆ්ගනිස්ථානයේ පවතින යුද්ධය සම්බන්ධව තලේබාන් සංවිධෘනය සමග පැවති සාම වැඩපිළිවල අවලංගු කරන බව ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.

තලේබාන් නායකයන් සහ ඇෆ්ගනිස්ථාන ජනපති අෂ්රෆ් ගානි හා හමුවක් ඔහු විසින් අද සැලසුම් කර තිබුණද එයද නොපැවැත්වෙන බව ඔහු පවසා සිටියි.
ඔහු එම හදිසි තීරණය ගෙන ඇත්තේ පසුගියදා ඇෆ්ගනිස්ථානයේ ඇමරිකානු භටයන් රැදී සිටි නිවසක් වෙත එල්ල වූ බෝම්බ ප්‍රහාරය තලේබාන් සංවිධානය විසින් සිදු කළ බවට අනාවරණය වීමත් සමගිනි.
පසුගියදා රූපවාහානී සාකච්ඡා වකදී රාජතන්ත්‍රික නිළධාරී සල්මි කලීසාඩ් පැවසුවේ ඇමරිකාව හා තලේබාන් අතර සාම සාකච්ඡා සාර්ථක ලෙස සිදුවන බවත් ඇමරිකානු හමුදා භටයින් 5400ක් නැවතත් ඇමරිකාවට හරවා යැවීමට ඇමරිකාව සූදානම් බවත්ය. නමුත් එම රූපවාහානී සාකච්ඡාවේදී ඉහත කී ප්‍රහාරය සිදුවූ අතර ඇමරිකාව පවසන්නේ තලේබාන් විසින් සාම සාකච්ඡා මූලධරිමයන් උල්ලංඝනය කර ඇති බවයි.

මම ලද සැණින් සාම සාකච්ඡා වලට තිත තැබුවා … ට්‍රම්ප් පවසයිත

මේ වන විට ඇමරිකානු භටයින් 14000 ක් ඇෆ්ගනිස්ථානයේ රැදී සිටී.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි