×

G-20 සමූහ ඡායාරූපයට ට්‍රම්ප්ගෙන් නාට්‍යයක්

මෙවර ඡායාරූපය අනෙකුත් වසර වල සමූහ ඡායාරුපයට වඩා වෙනස් එකක් විය.


2019 G-20 සමුළුව අද ජපානයේ ඔසාකාහීදී ආරම්භ විය.

මෙවර සමුළුවේ විශේෂ අවධානය යොමු වී ඇත්තේ ඇමරිකානු ජනපති සහ චීන ජනපති අතර හමුව පිළිබදවයි. සාමාන්‍ය මාතෘකා වලට අමතරව දේශගුණික විපර්්‍යස සහ ලෝකයේ දිළිදු බව පිටුදැකීම ආදී කරුණ කෙරෙහිද මෙවර අවධානයට ලක් කරන බවට අපේක්ෂා කෙරේ.

කෙසේ වෙතත් සමුළුව ආරම්භයත් සමග G-20 පවුලේ සාමාජික රටවල සියළු නායකයන් සමූහ ඡායාරූපයකට පෙනී සිටින ලදී,

මෙවර ඡායාරූපය අනෙකුත් වසර වල සමූහ ඡායාරුපයට වඩා වෙනස් එකක් විය.
ඡායාරූපයේ අනෙක් සියළු නායකයින් එක් ආකාරයකට ඡායාරූපයට මුහුණ දෙමින් සිටි අතරේ ඉදිරි පෙළේම සිටගෙන සිටි ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් සෞදි කුමරු බින් සල්මාන් සමග සුහද කථාබාහක නිරත වෙමින් සිටියදී ඡායාරූපය ට පෙනී සිටියහ.

නමුත් ජාත්‍යන්තර මාධ්‍ය විසින් ඉස්මතු කලේ පසුගිය සමයේ සුප්‍රසිද්ධ මාධ්‍යවේදී ජමාල් ඛෂෝගිගේ ඝාතනය සම්බන්ධව සෞදි කුමරුට දැඩි විවේචන එල්ල වෙමින් පවතින අවස්ථාවක මෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් ඊට සෞදි කුමරුගේ සම්බන්ධතාවත් ඇති බවට විශ්වසනීය සාක්ෂි මගින් අනාවරණය වන බවට අවධාරණය කරමින් සිටියදී ඇමරිකානු ජනපති මෙසේ සමුළුවේ ඡායාරූපය සදහා සෞදිකුමරු සමග එකට සිටගෙන පෙනී සිටීම මතභේදකාරී බවයි.

ට්‍රම්ප්ගේ මෙම හැසිරීම සහ ඔහු මෙහිදී ලෝකයට කියන්නට සූදානම් කුමක්ද යන්න කෙරේ මෙවර G 20 සමුළුව දෙස බලා සිටිනන්නන්ගේ විශේෂ අවධානය යොමු වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි