×

ටයික්වොන්ඩෝ ගැන හෝඩියේ දැනුමක් නැති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ටයික්වොන්ඩෝ කලුපටියක්! චක් නොරිස් හාන්සි!!

මෙමඟින් එක්සත් ජනපදයේ මෙම ශිල්පයේ අටවන ප්‍රදානය දැරි, මෙතෙක් එක්සත් ජනපදය තුළ එම ශිල්පයේ ඉහළම ප්‍රදානය දැරි බවට විරුදාවලි ලබා සිටි සුපිරි හොලිවුඩ් තරු හා සටන් නළු කලුපටිධාරී චක් නොරිස් මහතා ගේ ප්‍රදානය දෙවන තැනට පත්ව තිබේ.


හිටපු ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට ටයික්වොන්ඩෝ සටන් ක්‍රීඩාවේ ඉහළම ප්‍රදානය සහිත කලුපටියක් ප්‍රදානය කොට තිබේ.

මෙම ප්‍රදානය ලබා දී තිබෙන්නේ දකුණු කොරියාවේ ටයික්වොන්ඩෝ පිළිබඳ ප්‍රධානී ලී ඩොන්ග්-සප් මහතා විසිනි.

විශේෂත්වය වන්නේ ට්‍රම්ප් මහතා කිසිදු දිනක ටයික්වොන්ඩෝ සටන් ශිල්පය හදාරා නොමැති වීමයි.

මෙම ටයික්වොන්ඩෝ ඉහළ තලයේ ප්‍රදානය ලබා දී තිබෙන්නේ ට්‍රම්ප් මහතා ට සිදුකරන ගෞරවයක් වශයෙනි.

ටයික්වොන්ඩෝ සටන් ශිල්පය පිළිබඳ නමවන ඩෑන් ප්‍රදානය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ට පිරිනමා ඇති අතර, එය දැනට පවතින ඉහළම ප්‍රදානයයි.

මෙමඟින් එක්සත් ජනපදයේ මෙම ශිල්පයේ අටවන ප්‍රදානය දැරි, මෙතෙක් එක්සත් ජනපදය තුළ එම ශිල්පයේ ඉහළම ප්‍රදානය දැරි බවට විරුදාවලි ලබා සිටි සුපිරි හොලිවුඩ් තරු හා සටන් නළු කලුපටිධාරී චක් නොරිස් මහතා ගේ ප්‍රදානය දෙවන තැනට පත්ව තිබේ.

මේ අන්දමින්ම රුසියාවේ ජනපති ව්ලැඩ්මිර් පුටින් මහතාට ද ටයික්වොන්ඩෝ සටන් ශිල්පයේ නමවන ඩෑන් ප්‍රදානය ඉකුත් 2013 වර්ෂයේදී පිරිනමා තිබේ. ඒ වන විට ඒ මහතා ද එම ශිල්පය හදාරා තිබුනේ නැත.

ඒ අනුව ට්‍රම්ප් හා පුටින් මහතා මෙම ශිල්පය අතින් සම තැනට පත්ව ඇත.

මේ පිළිබඳව අදහස් දක්වමින් ට්‍රම්ප් මහතා පවසා තිබෙන්නේ මෙවැන්නකි.

“මෙම ගෞරවනීය ඩෑන් සහතිකය ලැබීම මා ලැබූ ගෞරවයකි, ටයික්වොන්ඩෝ ආත්මාරක්ෂාව සඳහා වූ විශිෂ්ට සටන් කලාවක් යැයි මම සිතමි.”


#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි