×

එක්සත් ජනපද න්‍යෂ්ටික රහස් සහ හමුදා සැලසුම් ඇතුළු රහසිගත ලේඛන සිය ගණනක් වැරදි ලෙස පරිහරණය කිරීම පිළිබඳ ට්‍රම්ප්ට එරෙහිව අධිචෝදනා

මේ සම්බන්ධයෙන් නීති විශාරදයින් පවසන්නේ 2024 දී නැවතත් ජනාධිපති ධුරයට තරඟ කරන ට්‍රම්ප් මහතාට එරෙහි අපරාධ චෝදනා ඔහු වරදකරු වුවහොත් සැලකිය යුතු සිරදඬුවමකට තුඩු දිය හැකි බවයි.


එක්සත් ජනපදයේ ෆෙඩරල් අභිචෝදකයින් විසින් හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ජාතික ආරක්ෂාව‌ට සම්බන්ධ එක්සත් ජනපද න්‍යෂ්ටික රහස් සහ හමුදා සැලසුම් ඇතුළු රහසිගත ලේඛන සිය ගණනක් වැරදි ලෙස පරිහරණය කළ බවට චෝදනා එල්ල කර ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

පිටු 49 කින් යුත් ලේඛනය ට්‍රම්ප්ට එරෙහිව ෆෙඩරල් චෝදනා 37 ක් ඉදිරිපත් කර ඇති අතර චෝදනාවලින් තිස් එකක් ජාතික ආරක්ෂක තොරතුරු අනවසරයෙන් සන්තකයේ තබා ගැනීම අපරාධයක් වන ඔත්තු බැලීමේ පනත යටතේ උල්ලංඝනය කිරීම් සම්බන්ධය.

චෝදනා පත්‍රයේ සටහන් වන්නේ රහස්‍ය ලිපිගොනු 300 ක් පමණ ට්‍රම්ප්ගේ පෞද්ගලික නිවස වන මාර්-ඒ-ලාගෝ වෙත ගෙන ගොස් ඇති බවත්, එය ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන බවත්, විමර්ශකයන්ට බොරු ප්‍රකාශ කිරීම හා විමර්ශනය නොමඟ යවා ඇති බවත්ය.

මේ සම්බන්ධයෙන් නීති විශාරදයින් පවසන්නේ 2024 දී නැවතත් ජනාධිපති ධුරයට තරඟ කරන ට්‍රම්ප් මහතාට එරෙහි අපරාධ චෝදනා ඔහු වරදකරු වුවහොත් සැලකිය යුතු සිරදඬුවමකට තුඩු දිය හැකි බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි