×

උඹ බොරුකාරයෙක්! ට්‍රම්ප් බුද්ධි කමිටු සභාපති පිනෝකියෝ ට සමාන කරයි!

ට්‍රම්ප් විසින් බුද්ධි තොරතුරු කමිටු සභාපතිවරයා පිනෝකියෝ ට සමාන කරමින් බොරුකාරයකු බව ප්‍රකාශ කොට තිබේ.


ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් තම ප්‍රතිවාදීන් මැඬපැවැත්වීමට යුක්‍රේන රජයේ සහය පැතුවේ ය යන චෝදනාව මත තවත් නිර්නාමික බුද්ධි තොරතුරු නියෝජිතයකු නඩුවක් ගොනුකිරීමට සූදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 

පසුගිය කාලවකවානුව තුළ ට්‍රම්ප් තම ප්‍රතිවාදී ජෝ බිඩන් ගේ දේශපාලන ගමන කඩාකප්පල් කිරීම සඳහා යුක්‍රේන ජනපති වොල්දොමියර් සෙලෙන්ස්කි ගේ සහය පැතුවේ ය යන චෝදනාව මත නිර්ණාමික බුද්ධි තොරතුරු නියෝජිතවරයකු අධිකරණය ඉදිරියේ නඩු ගොනු කිරීමට කටයුතු යොදා තිබෙන බවට නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි. මීට අමතරව ට්‍රම්ප් ගේ මෙම ක්‍රියා කලාපය මත ඩිමොක්‍රටික් පක්ෂය ඔහුට එරෙහි දෝෂාභියෝගයක් ගෙන ඒමට ද කටයුතු යොදා ඇත. ඉහත කී චෝදනා පිළිබඳ විමර්ශනය කිරීම සඳහා නියෝජිත මන්ත්‍රී මණ්ඩලය (House of Representatives) විසින් බුද්ධි තොරතුරු කමිටුවක් පත් කර ඇති අතර එහි සභාපතිධූරය දරන්නේ කැලිෆෝනියානු නියෝජිත ඇඩම් ස්ඛිෆ් මහතා ය.

නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත අද (05) දින වාර්තා කර සිටියේ දෙවන නිර්නාමික බුද්ධි තොරතුරු සපයන්නකු ද මේ වන විට ට්‍රම්ප්ට එරෙහි නඩු ගොනු කිරීමට කටයුතු යොදා ඇති බවයි. මුල් බුද්ධි තොරතුරු සපයන්නා ගේ චෝදනාවේ අඩංගු තොරතුරු වල ගැළපුම පරීක්ෂා කිරීම සඳහා පොලිස්පති විසින් මෙම දෙවන නිර්නාමික බුද්ධි තොරතුරු සපයන්නා සම්මුඛ සාකච්ඡාවක් සඳහා කැඳවා ඇති බවද නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරයි.

LYIN’ SHIFTY SCHIFF! pic.twitter.com/vSZgFz9fIS— Donald J. Trump (@realDonaldTrump) October 4, 2019

මේ අතර, ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් බුද්ධි තොරතුරු කමිටු සභාපති කැලිෆෝනියානු නියෝජිත ඇඩම් ස්ඛිෆ් හට තම ට්විටර් ගිණුම හරහා පිනෝකියෝ ට සමාන කරමින් බොරුකාරයකු බව ප්‍රකාශ කොට තිබේ. ඒ මෙම බුද්ධි තොරතුරු සපයන්නා ගේ නම කුමක් ද යැයි විමසූ විට ස්ඛිෆ් එය නොදන්නා බව පැවසීම නිසාවෙනි!

දෙවන ධූරකාලයක් සඳහා ඇමරිකාවේ එළඹෙන ජනාධිපතිවරණයට පෙනී සිටීමට ඩොනල්ඩ් ට්‍රම්ප් නියමිත ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි