×

හොං‌කොං මානව හිමිකම් පනතට ට්‍රම්ප් අත්සන් තබයි !

ට්‍රම්ප්ට ‌හොං‌කොං වැසියන්ගේ ස්තූතිය


හොංකොං හී චීන විරෝධී උද්ඝොෂණ පසු ගියදා වෙනස් ස්වරූපයක් ගත්තේය. ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් හොංකොං ජනයාගේ මානව හිමිකම් පිළීබද පනතට අත්සන් කිරීමත් සමගි. පසුගියදා හොංකොංහී පැවති මැතිවරණයෙන් හිටපු විපක්ෂයට ජය ලැබීමත් සමග ඩොනල්් ට්‍රම්ප් විසින් මෙම තීරණය ගන්නා ලදී. ඒ් ඇමරිකානු චීන වෙළද සම්බන්ධතා වලට ඒල්ල වන බලපෑම්ද නොතකමිනි.

රාජ්‍ය විරෝධී උද්ඝොෂකයින් කාලයක් තිස්සේ මෙම පන‌තෙහි අවශ්‍යතාව වෙනුවෙන් හඩ නැගූ අතර ඒමගින් හොංකොං වැසියන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධව සම්බාධක පැනවීමට හෝ හොංකොං වෙළද තත්ත්වයන් පාලනය කිරීමට ඇමරිකාවට බලතල හිමි වේ.

මෙම පනතට අත්සන් කිවරීම සදහා ඇමරිකානු ජනපති වරයා විසින් ගත් තීරණය දින කිහිපයක් තුළ හොංකෙං විරෝධතා ව්‍යාපාරය ලැබූ දෙවන සංඛේතාත්මක ජයග්‍රහණය වෙයි.

මතභේදාත්මක උදර්පණ පනතට ඒරෙහිව පසුගිය ජූනිමාසයේදී චීනයට හා පාලක කැරී ලෑම්ට ඒරෙහිව ඇරඹුණූ විරෝධතාවන් හී ප්‍රභලම ප්‍රතිඵලය වූයේ පසු ගියදා මැතිවරණයේන් ප්‍රජාතන්ත්‍ර හිතවාදී පක්ෂයට ජය හිමි වීමයි. ඒ් අතර තුර ඇමරිකානු ජනපතිවරයා විසින් ගත් පියවර සම්බන්ධව හෝංකොංහී රාජ්‍ය විරෝධී පිරිස් උද්ධාමයට පත් වූ අතර පෙළපාළි පවත්වා ඒම ජයග්‍රහණය ඔවුන් විසින් සමරණ ලදහ ඊට අමතරව අන්තර්ජාලය හරහා ඔවුහු බහුතරයක් ඇමරිකාවට සිට ස්තූතිය පල කර සිටියහ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි