×

කිම් ට පස්සේ ෂි ජින් පින්ග් – ට්‍රම්ප්ගේ අලුත්ම ආසාව

හොංකොං අර්බුදය ගැන චීනය සමග කථා කරන්නට ට්‍රම්ප් සැරසේ


තම ලොකුම සතුරා බවට පත්ව සිටි උතුරු කොරියානු නායක කිම් ජොන් උන්ව පෞද්ගලිකව හමුවීමට අවශ්‍ය බව මුලින්ම යෝජනා කළේ ඇමරිකානු ජනපති වරයාමය. ඉන් පසු අවස්ථා කිහිපයකදී කිම් ජොන් උන්ව හමුවූ ට්‍රම්ප් අද වන තෙක් නිශ්චිත ලෙසම එකම කරුණකට හෝ එකග නොවුණත් පැවති තත්ත්වයට සූක්ෂම හැරවුමක් ලබා ගත් බවට පැහැදිලිය.

ඔහු දැං චීනයටද කරන්නට යන්නේ ඒ ටිකමය. කිම් ජොන් උන්ට පසු ට්‍රම්ප්ගේ සතුරා වන්නේ චීනයයි. චීනය සමග ඇමරිකවට මෙතෙක් තිබූ වෙළද සම්බන්ධතා වල තත්ත්වය දැන් දරුණු තුවාලයක් බවට පත් වී ඇත. චීනය ඇමරිකානු භාණ්ඩ මතත් ඇමරිකාව චීන භාණ්ඩ මතත් බදු පනවමින් දෙපාර්ශවයේම විරසකය තව තවත් වැඩිකරගනිමින් සිටී. එවැනි මෙහොතක තමන්ට චීන නායකයා පෞද්ගලිකවම හමුවීමට අවශ්‍ය බව ඇමරිකානු ජනපති ට්‍රම්ප් විසින් යෝජනා කර ඇත.

ඔහු පවසන්නේ ඔහුට ක්ෂි ජින් පින්ග් හමුවීමට අවශ්‍ය හොංකොං අර්බුධය ගැන සාකච්ඡා කිරීමට බවයි.

මේ පිළිබදව ටවිටර් පණිවිඩයක් නිකුත් කරන ට්‍රම්ප් පවසන්නේ හොංකොං අර්බුදය සම්බන්ධව චීන ජනපතිවරයා කාරුණික විසදුමක් ලබා දෙනු ඇති බවයි.

හොංකොං හී තත්ත්වය මේ වන විට පැමිණ ඇත්තේ දරුණු මෙන්ම අනපේක්ෂිත සංධිස්ථානයකටය. චීනයට එරෙහි සිය විරෝධතාව හකුළුවා ගන්නට හොංකොං ජනතාවට කිසිදු අදහසක් නැත. ඔවුන් මේ වන විට සිටින්නේ කිසිදු අයුරකින් සිය රටේ කටයුත් වලට චීනය ඇගිලි නොගැසිය යුතුය යන අදහසේය. චීනය තවමත් මේ පිළිබදව නිශ්චිත අදහසක් පළ නොකළද කිසි සේත් තමන් විසින් යෝජනා කළ හොංකොං අර්බුදයට හේතු උදර්පණ පනත අවනශ්‍යයැයි කියන්නට කිසි සේත් සූදානම් නැත.

මේ පිළිබදව ඇමරිකානු අදහස වූයේ හොංකොං පිළිබදව චීනයේ ප්‍රතිපත්ති පවතිනවට වඩා ලිහිල් විය යුතු බවයි.

පසුගියදා ඇමරිකානු ජනාධිපති ආරක්ෂක උපදේශක ජෝන් බෝල්ටන් චීනයට අනතුරු ඇග වූයේ පරිස්සමින් කටුයුත කරන ලෙසයි. හේතුව ඇමරිකාවේ සිටින්නන්ට ටියන්මෑන් චතුරස්‍රය තවමත් මතක නිසිය. යනුවෙන්ද ඔහු චීනයට මතක් කර දුන්නේය.

කෙසේ වෙතත් මේ කාරණාව ඉදිරියට දමා ඩොනල්ඩ් ට්‍රම්ප් සැරසෙන්නේ චීන ජනපති වරයා පෞද්ගලිකව මුණ ගැසී තමන්ට කියන්නට ඇති දේ චීනයට කියන්නටය. එනම් දඹුලුත් ගොසින් තලගොයිත් මරා ගන්නටය.
චීන ජනපති යනු කිම් ජොන් උන් තරම් නොපැසුන දඩබ්බරයෙක් නොවන බවත් ට්‍රම්ප් තරම් වේට්ටු දමන්නෙක් නොවන්නෙක් උවත් සූක්ෂම මෙන්ම සිය අදහසින් පිට අඩියක් හෝ නොතබන්නෙකි.
එසේ හෙයින් ට්‍රම්ප්ගේ යෝජනාවට ඔහුගේ ප්‍රතිචාරය කෙලෙස වනු ඇති දැයි අනපේක්ෂිතය.
එමෙන්ම හොංකොංහී අර්බුදය විසදන්නට ඇමරිකාවේ මැදිහත්වීම පවතින තත්ත්වය වෙනම ස්වරූපයකින් දරුණූ වනු ඇති බවට පැහැදිලිය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි