×

ඉරානයේ වත්මන් තත්ත්වය ගැන අඹ යහළුවෝ පිළිසඳරේ!

දෙපළ අතර පැවති සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු මාධ්‍යයට අනාවරණය කිරීමක් සිදුව නැත.


ඉරානයේ කූඩ්ස් බලකා ප්‍රධානී ඝාතනය හා ඉරාකයේ ඇමරිකානු තානාපති කාර්යාලයට එල්ල වූ ප්‍රහාර සමඟ එක්සත් ජනපද – ඉරාන විරසකය උත්සන්න වෙමින් පවතී.

යුධමය තත්ත්වයක් වැළැක්වීමට කූඩ්ස් බලකා ප්‍රධානී ඝාතනය කළ බවට ට්‍රම්ප් පවසද්දී ඉරාන උත්තරීතර නායක අලි කමේනි සිදුවූ අපරාධයට පලිය ගන්නා බවට ප්‍රකාශ කර තිබේ.

මීට අමතරව, අද (06) දින නව කූඩ්ස් බලකා ප්‍රධානී විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් පවසා තිබු‍ණේ ඉරානයෙන් සියළු ඇමරිකානුවන් ඉවත් කිරීමට කටයුතු කරන බවයි.

එක්සත් ජනපදය සිදුකළ අපරාධයට ලබා ගත හැකි එකම වන්දිය එය බවද හෙතෙම අවධාරණය කර සිටියේය.

මේ අතර, ඉරානයේ හා ඉරාකයේ මතුව ඇති තත්ත්වය පිළිබඳ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා බ්‍රිතාන්‍ය අගමැති සිය ගජමිතුරු බොරිස් බොන්සන් යන දෙපළ අතර සාකච්ඡාවක් පවත්වා තිබේ.

එක්සත් ජනපද ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයකට අනුව, දෙපාර්ශවය අතර ඉරානය, ඉරාකය ඇතුළු මැදපෙරදිග හටගත් උණුසුම් වාතාවරණය පිළිබඳ සාකච්ඡා පවත්වා තිබේ.

දෙපළ අතර පැවති සාකච්ඡාවේ වැඩිදුර තොරතුරු මාධ්‍යයට අනාවරණය කිරීමක් සිදුව නැත.

කෙසේවෙතත්, එක්සත් ජනපදය හා බ්‍රිතාන්‍යය අතර සබඳතා වැඩිදියුණු කිරීමට මෙම හමුව සමත් වූ බවට වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි