×

ට්‍රම්ප්ට ග්‍රීන්ලන්තය මිලදී ගන්නට ඕනෑ වෙයි, අපි විකිණෙන්නේ නැත… ග්‍රීන්ලන්තය කියයි

ඉතිහාසය දෙස බලන විට රාජ්‍ය්‍යන් තවත් රාජ්‍ය්‍යන් හෝ භූමීන් අත්පත් කර ගෙන ඇත්තේ යුද්ධ කිරීමෙන් පමණක් නොවේ. මුදල් ගනු දෙනු මගින්ද රාජ්‍ය්‍යන් තවත් රාජ්‍ය්‍යන මිලට ගෙන ඇත.


ලොව ලොකුම දූපත වන ග්‍රීන් ලන්තය මිලදී ගැනීමට තමන් සූදානම් බවට ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් සිදු කරන ලද ප්‍රකාශයකට ප්‍රතිචාර වශයෙන් ග්‍රීන් ලන්තය පවසා ඇත්තේ තම රට ඇත්තේ විකිණීම සදහා නොවන බවයි.
ඩෙන්මාර්කය යටතේ වුවද ස්වයංපාලන බලතල සහිතව පාලනය වන ග්‍රීන්ලන්තය මිලදී ගැනීමේ අදහසක් ඇමරිකාවට පවතින බව ට්‍රම්ප් විසින් පවසා ඇත්තේ පසුගියදා සිය උපදේශකයන් සමග පැවති සාකච්ඡාවකදීය.

ට්‍රම්ප්ගේ මෙම අදහස ග්‍රීන්ලන්ත රජය මගින් එකහෙලාම ප්‍රතික්ෂේප කර ඇති අතර ඔවුන් පවසා ඇත්තේ අල ව්‍යාපාර සදහා සූදානම් නමුත් විකිණේන්නේ නැති බවයි.
ග්‍රීන්ලන්තය මෙන්ම ඩෙන්මාර්ක රජය විසින්ද ට්‍රම්ප්ගේ අදහස ප්‍රතික්ෂේප කර ඇත. ඩෙන්මාර්කයේ හිටපු අගමැතිවරයා මේ සම්බන්ධව ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ ට්‍රම්ප්ගේ මෙම කථාව අනිවාර්යෙන්ම ” අප්‍රේල් මාසය පසුවුවද එය මෝඩයින්ගේ දිනයේ විහිළුවක් බවයි.”

මේ පිළිබද පුවත මුලින්ම වාර්ථා කරන The Wall Street Journal (WSJ) හී සදහන් කර ඇති පරිදි ට්‍රම්ප් මේ පිළිබදව අදහස ඉතා තදින් හා වුවමනාවෙන් ප්‍රකාශ කර ඇත. තවත් ඇතැම් මාධ්‍ය ට්‍රම්ප්ගේ මෙම උත්සහය විහිළුවකට ගෙන ඇති තර ඇමරිකානු භූමිය තවත් විශාල කරන්නට ට්‍රම්ප් උත්සහා දරනවාද යන්න විමසා සිටියි.

නමුත් ට්‍රම්ප්ගේ මෙම සිහිනය බොද කළ ග්‍රීන් ලන්ත බලධාරීන් පවසන්නේ
ග්‍රීන්ලන්තය යනු මිනිරන්, පිරිසිදු ජලය, අයිස්, මාළු , බලශක්තිය ආදී ස්වභාවික සම්පත් වලින් අනූන දිවයිනක් බවත් මේ වන විට ප්‍රයාණය සංචාරක ව්‍යාපාරය දියුණු වෙමින් පවතින බවයි. මෙවැනි පසුබිමක තමන් අදහස් කලේ ඒවා මුල් කර ගනිමින් ව්‍යාපාරික පසුබිමක් ගොඩ නගා ගැනීමට තමන්ය අවශ්‍ය බව විනා තමන්ගේ භූමිය විකුණා දැමීමේ අදහසක් තමන්ට කිසිදු ලෙසකින් නොමැති බව ඔවුන් පවසයි.

මේ පිළිබදව ග්‍රීන්ලන්ත අගමැති කිම් කීල්සන් පවසන්නේ.. තමන් ගේ රට කිසිවෙකුටත් මිලදී ගැනීම සදහා නොවන බවත් තමන්ට අවශ්‍ය වූයේ ඇමරිකාව ඇතුළු අකේ රටවල් සමග සාමූහිකව වෙළද කටයුතු ආරම්භ කිරීමට බවත්ය.

ග්‍රීන්ලන්තය.

ග්‍රීන්ලන්තය යනු ලොව විශාලතම දිවයිනයි. ඩෙන්මාර්කයෙ යටතේ ස්වාධීන රාජ්‍යයක් වන ග්‍රීන්ලන්තය උතුරු අත්ලාන්තික් කලාපය සහ ආක්ටික් සාගරයට මැදිව පිහිටා ඇත.
එහි ජනගහණය 56000ක් පමණ වන අතර බහුතරයක් ස්වදේශීක ජනයා වෙරළාශ්‍රිතව ජීවත් සීමාසහිත ස්වයං පාලන අයිතියක් සහ තමන්ගේම පාර්ලිමේන්තුවක් ග්‍රීන්ලන්තයට ඇත.
මෙම දිවයිනෙන් සියයට 80%ක් අයිස් වලින් ආවරණය වී ඇති අතර මේ වන විට පවතින්නේ දේශගුණික විපර්යාස හේතුවේන අයිස් දිවයීමේ අවධානමකය. එසේ අයිස් දිවයීම හේතුවෙන් මිනිරන් ආදී ස්වභාවික සම්පත් වලට ලගා වීම පහසුවී ඇත. එසේම මෙසේ අයිස් දියවී යෑම හේතුවෙන් සීතල යුද්ධය පැවති කාලයේ ඇමරිකානු හමුදා විසින් මුදා හල න්‍යෂ්ටික අපද්‍රව්‍ය නැවත අනාවරණය වනු ඇති බවටද අවධානමක් පවතී.

ට්‍රම්ප් ග්‍රීන්ලන්තය මිලදී ගැනීමට උත්සහා කරන්නේ.
ග්‍රීන්ලන්තය සතු ස්වභාවික සම්පත් මෙන්ම තවමත් පරිසරය සුරක්ෂීතව පැවතීම ට්‍රම්ප් ග්‍රීන්ලන්තයට ආශා වීමට ලොකුම හේතුවයි. නමුත් ස්වභාවික සම්පත් වලින් අනූන වුවද ග්‍රීන්ලන්තය මේ වන වන ඩෙන්මාර්කයේ මූල්‍යමය ශක්තිය මත රදා පවතී,සියදිවිනසා ගැනීමේ අනුපාතය, මත්ද්‍රව්‍ය භාවිතයේ අනුපාතය, සහ විරැකියාව ග්‍රීන්ලන්තයේ දැකිය හැකි බරපතලම ගැටළු වේ.

ට්‍රම්ප් ගේ අදහස වී ඇත්තේ ග්‍රීන්ලන්යේ පිහිටීම පිළිබද අවධානය යොමු කිරීමේදී එහිජාතික ආරක්ෂාව පිළිබද වටිනාකම ඉතා ඉහළ බවයි. සීතල යුද්ධය පැවති කාලයේදී උපක්‍රමික ලෙස ග්‍රීන්ලන්තය භාවිත කිරීම ඉතා වැදගත් බව ඇමරිකාවට අත්දැකීම් ඇත. විශේෂයෙන්ම සීතල යුද්ධය පැවති සමයේ ඇමරිකාව ග්‍රීන්ලන්තයේ ගුවන් හමුදා මධ්‍යස්ථෘනයක් හා රේඩාර් මූලස්ථානයක් පවත්වාගෙන යන ලදී,

රටවල් වලට වෙනත් රාජ්‍ය්‍යන්ට අයත් භූමීන් මෙසේ මිලදී ගත හැකිද?

ඉතිහාසය දෙස බලන විට රාජ්‍ය්‍යන් තවත් රාජ්‍ය්‍යන් හෝ භූමීන් අත්පත් කර ගෙන ඇත්තේ යුද්ධ කිරීමෙන් පමණක් නොවේ. මුදල් ගනු දෙනු මගින්ද රාජ්‍ය්‍යන් තවත් රාජ්‍ය්‍යන මිලට ගෙන ඇත.
1867 වසරෙදී ඇමරිකාව ප්‍රංශයෙන් ඩොලර් මිලියන 15කට ලුසියානා මිලදී ගත් අතර එය වර්ග සැතපුම් 827000ක භූමි ප්‍රමාණයකි. ඇමරිකා එක්සත් ජනපදය රුසියාවට ඇලෙක්සාව විකුණා දැමුනේ ඩොලර් මිලියන 7.2කටය.
1917 වසරේදී ඇමරිකාව ඩෙන්මාර්කයට අයත්ව තිබූ බටහිර ඉන්දීය බූමිය මිලදී ගත් අතර එය පසුව ඇමරිකානු වර්ජින් අයිලන්ඩ් ලෙස නම් කරන ලදී,



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි