×

ට්‍රම්ප් කුඩා කළ ළමා අපයෝජන වින්දිතයෙක් ද?

මෙම කෘතිය එළි දක්වා තිබෙන්නේ ට්‍රම්ප් මහතා ගේ ඥාති දියණියක වන මේරි ට්‍රම්ප් විසිනි.


එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ගේ ළමා කාලය පිළිබඳ ආන්දෝලනාත්මක තොරතුරක් වාර්තා කරමින් කෘතියක් එළි දක්වා තිබේ.

මෙම කෘතිය එළි දක්වා තිබෙන්නේ ට්‍රම්ප් මහතා ගේ ඥාති දියණියක වන මේරි ට්‍රම්ප් විසිනි.

Too Much and Never Enough: How My Family Created the World’s Most Dangerous Man (පමණට වැඩිය, එහෙත් එපමණ මදිය: මාගේ පවුල විසින් ලොව භයානකම මිනිසා නිර්මාණය කළ අයුරු) නමින් එම කෘතියේ පිටකවරය දිස් වේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාගේ පවුලේ තොරතුරු ඇසුරින් රචිත මෙම ග්‍රන්ථය එළි දැක්වීමට නියමිතව තිබූ දිනට සති දෙකකට මත්තෙන් එළි දැක්වීමට මේරි ට්‍රම්ප් මහත්මිය කටයුතු කොට තිබේ.

මෙම කෘතිය තුළින් ඩොනල්ඩ් ට්‍රම්ප් යනු කුඩා කළ ළමා අපයෝජනයේ වින්දිතයකු බවට මේරි ට්‍රම්ප් විසින් හෙළිකර තිබේ.

මෙම කෘතියේ ප්‍රකාශක සයිමන් ඇන්ඩ් ෂස්ටර් ඉකුත් සඳු දින ප්‍රකාශ කර සිටියේ “ඉහළම ඉල්ලුමක් හා අසාමාන්‍ය උනන්දුවකින්” යුක්තව මෙම කෘතිය ප්‍රකාශයට පත්වනු ඇති බවයි.

ට්‍රම්ප් මහතා ගේ සොයුරු විසින් නඩු පවරා අදාළ ප්‍රකාශන සමාගම වෙත පනවා තිබූ සීමා නියෝගයක් අවසන් වීමෙන් අනතුරු ව ඔවුන් මේ බව මාධ්‍යයට පවසා තිබේ.

පහත දැක්වෙන්නේ එම ග්‍රන්ථයට අදාළව ප්‍රකාශන සමාගම විසින් නිකුත් කළ පිටකවරයේ නිර්මාණයයි.

කෘතියේ කතෘ මේරි ට්‍රම්ප් මහත්මිය සායනික මනෝවිද්‍යාඥයකු වන අතර, මෙම ග්‍රන්ථය හරහා සිය පවුලේ ඉතිහාසය තුළ ට්‍රම්ප් මහතා ලද අත්දැකීම්, ඒ තුළින් වර්තමානයේ බිහිවී සිටින ඩොනල්ඩ් ට්‍රම්ප් නම් චරිතය නිර්මාණය වීම දක්වා චරිතාපදානයක් පාඨකයන් වෙත ලබා දෙයි.

ඈ හෙලිදරව් කරන කරුණු වලට අනුව, ට්‍රම්ප් මහතා ඉඩා බාල වයසකදී අපයෝජනයට බඳුන් වී තිබේ.

එදා වයස 3 ක කුඩා ළදරුවකු වූ ඩොනල්ඩ් ට්‍රම්ප් හා වත්මන් ඩොනල්ඩ් ට්‍රම්ප් අතර එතරම් වෙනසක් නොමැති බව පවසමින් සිය කෘතිය ආරම්භ කර ඇති මේරි ට්‍රම්ප් මහත්මිය පෙන්වා දෙන්නේ, වර්ධනය, පරිණාමය, හැඟීම් නියාමනය, ප්‍රතිචාර නවීකරණය හෝ තොරතුරු සංස්ලේෂණය කිරීමට නොදත් ට්‍රම්ප් මහතා ට සිටියේ රෝගාතුර වූ මවක් හා රැකියාවට බර තැබූ ආදරය පිළිබඳ කිසිදු හැඟීමක් නොතිබූ පියකු බවයි.

ට්‍රම්ප් මහතා ගේ පියාට වැදගත් වූයේ විනය හා සේවය පමණක් බව ඈ අවධාරණය කරයි.

අපයෝජකයින් හට ළමා අපයෝජනය පමණට වැඩි, එහෙත් එපමණ ද මදි වන්නා සේම, ට්‍රම්ප් මහතා කුඩා දරුවකු ලෙස විඳි හිංසනයන් හරහා වර්තමානයේ බිහිවි ඇති චරිතය ද පමණට වැඩි එහෙත් එපමණ මදි චරිතයක් බවට ඈ පෙන්වා දෙයි.

“මගේ පියාගේ දියණිය සහ මාමාගේ (ඩොනල්ඩ් ට්‍රම්ප්) එකම ඥාතිදියණිය ලෙස මට ලබා දිය හැකි කරුණු වලට අමතරව, පුහුණු සායනික මනෝවිද්‍යාඥයකු වශයෙන් මේ පිළිබඳ ඉදිරිදර්ශනයක් මා හට ලබා දිය හැකි ය. 

පමණට වැඩි එහෙත් එපමණ මදි වීම ලොව පවතින වඩාත් දෘශ්‍යමාන හා බලවත්ම පවුලේ කතාන්දරයයි. එමෙන්ම එය පැවසීමට සිතැති එකම ට්‍රම්ප් ද මමයි.”

මේරි ට්‍රම්ප් මහත්මිය නිවේදනයකින් ප්‍රකාශ කළාය.

එමෙන්ම මෙම ග්‍රන්ථය හරහා වත්මන් ජනපතිවරයා සතු මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ කරුණු රැසක් අනාවරණය කර ඇති බව ද වාර්තා වේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි