×

බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියාවන් 23 දෙනෙකු අතුරුදන්

එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන් පිටව ගිය අය බවයි.


සටහන: සශිකලා මධුෂාණි,මැයි 19,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : බෝට්ටුවකින් ඉතාලිය බලා ගිය ටියුනීසියණු සංක්‍රමණිකයන් 23 දෙනෙකු පමණ අතුරුදන් වූ බව එරට ජාතික ආරක්ෂක නිලධාරිවරයා සඳහන් කර තිබේ.

මෙම පිරිස ටියුනිසියාවෙන් මැයි 3 සහ 4 අතර යාත්‍රා කර ඇති අතර අතුරුදහන් වූවන්ගේ පවුල් දින 10 කට පසුව බලධාරීන්ට දන්වා ඇත. කෙසේ නමුත්, යුරෝපයට පැමිණීමට බලාපොරොත්තු වන සංක්‍රමණිකයන් සඳහා ටියුනීසියාව ප්‍රධාන පිටත්වීමේ ස්ථානයක් වන අතර එක්සත් ජාතීන්ගේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙන්නේ පසුගිය වසරේ ඉතාලියේ වෙරළට ගොඩ බැස ඇති සංක්‍රමණිකයන් 12,000ක්වත් ටියුනීසියාවෙන් පිටව ගිය අය බවයි.

අතුරුදහන් වූවන් සෙවීම සඳහා නාවික හමුදාව යොදවා ඇති අතර වැඩිදුර විස්තර සඳහන් නොවේ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි