×

සිරියාවේ ආරක්ෂාව තර කිරීමට තුර්කියෙන් සැලැස්මක්

මෙය 21 වන සියවසේ හටගත් දෙවනතම බිහිසුණු සිවිල් යුධ තත්ත්වය ලෙසද ඇතැමුන් විග්‍රහ කරයි.


තුර්කි විදේශ කටයුතු අමාත්‍ය මෙව්ලුත් කවුසොග්ලු අද (07) දින නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේ සිරියානු දේශසීමාවේ සිටින ත්‍රස්ත කල්ලි ඉවත් කිරීමට තම රාජ්‍යය සහය පළ කරන බවයි. 

කවුසොග්ලු මෙසේ ප්‍රකාශ කර සිටියේ එරට අන්කාරා අගනගරය විසින් නුදුරු දිනයේ ම උතුරු සිරියාවට ප්‍රහාරයක් දියත් කිරීමට නියමිත බවට ධවල මන්දිරය නිවේදනය කිරීමෙන් අනතුරුව ය. 

“ආරක්ෂිත කලාපයක්” යැයි හැඳින්වූ කලාපයක් උතුරු සිරියාවේ ස්ථාපනය කිරීම සඳහා දීර්ඝකාලීන වශයෙන් දියත් වෙමින් පැවති තුර්කි හමුදා මෙහෙයුම් ඉදිරියට ද පවත්වා ගෙන යන බවත්, එමඟින් සිරියානු වැසියන් ගේ ආරක්ෂාව තරකිරීම අපේක්ෂාව බවත්, මේ සඳහා එක්සත් ජනපද හමුදා සහය දක්වන්නේ හෝ සම්බන්ධ නොවන බවට තුර්කි ධවල මන්දිර මාධ්‍ය ලේකම් පසුගිය ඉරු (06) දින ප්‍රකාශ කර සිටියේය.

සිරියානු රාජ්‍යයේ සිවිල් යුධ තත්ත්වය ආරම්භ වූ සමයේ පටන් ම එහි ආරක්ෂාවට සහ භෞමික අඛණ්ඩතාවය ගොඩනංවනු වස් තම රාජ්‍යය සහය පළ කල බවට තුර්කි විදේශ කටයුතු අමාත්‍ය කවුසොග්ලු වැඩිදුරටත් සඳහන් කරන ලදී. සිරියාවේ සාමය හා ස්ථාවරත්වය නඟා සිටුවීමට තුර්කියේ සහය ඉදිරියටත් හිමිවනු ඇති බවට ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියේය.

2011 වර්ෂයේ සිට ආරම්භ වූ සිරියාවේ සිවිල් යුධ තත්ත්වය ජනපති බෂාර් අල් අසාද් ගේ නායකත්වයෙන් යුත් බාත්වාදී සිරියානු අරාබි ජනරජය දෙස්විදෙස් පාර්ශව හා එක්ව සිරියානු රජයට අභියෝග කරන විවිධ පාර්ශව හා ඇති කර ගත් නිමා නොවන සන්නද්ධ අරගලයකි. මෙය 21 වන සියවසේ හටගත් දෙවනතම බිහිසුණු සිවිල් යුධ තත්ත්වය ලෙසද ඇතැමුන් විග්‍රහ කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි