×

කාම්බෝජයේ හමුදා කඳවුරක පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය යයි

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක් ද විනාශ වී ඇත.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 28,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): නිරිතදිග කාම්බෝජයේ Kampong Speu පළාතේ හමුදා කඳවුරක පතොරම් පිපිරීමකින් සොල්දාදුවන් 20 දෙනෙකු මිය ගොස් තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව එරට අගමැති හුන් මැනට් සිය සමාජ මාධ්‍ය ගිණුමේ සඳහන් කර තිබේ.

මෙම පිපිරිම හේතුවෙන් ගොඩනැගිලි හතරක් හමුදා වාහන කිහිපයකට හානි සිදුවී ඇති අතර ගම්වාසීන්ගේ නිවාස 25ක් ද විනාශ වී ඇත.

කලාපයේ බොහෝ රටවල් මෙන්ම කාම්බෝජය ද මේ වන විට අධික උෂ්ණත්වයකින් පීඩා විඳිමින් සිටින අතර, පිපිරුම සිදුවූ පළාත සෙනසුරාදා සෙල්සියස් අංශක 39 (102F) ක ඉහළ අගයක් වාර්තා කර තිබිණ. ඉහළ උෂ්ණත්වයන් සාමාන්‍යයෙන් පතොරම් පුපුරවා හැරිය නොහැකි වුවද, ඒවා කාලාන්තරයක් පුරාවට පුපුරණ ද්‍රව්‍යවල ස්ථායීතාවය පිරිහීමට ලක් කළ හැකි අතර, එක් කුඩා පිපිරීමකින් ගින්නක් සහ දාම ප්‍රතික්‍රියාවක් ඇති විය හැකි අවදානමක් ඇත.

අගමැති හුන් මැනට් සොල්දාදුවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළ අතර ඔවුන්ගේ අවමංගල්‍ය කටයුතු සඳහා රජය විසින් ගෙවීම් සිදු කරනු ලබන අතර මියගිය අයට සහ තුවාල ලැබූවන්ට වන්දි ලබා දෙන බවට පොරොන්දු විය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි