×

ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ට්විටර් සියළු දේශපාලන දැන්වීම් තහනම් කරයි

දේශපාලන පණිවිඩයක් මිනිසුන් අතරට යෑමටනම් මිනිසුන් විසින් තමන්ට අවශ්‍ය දේශපාලකයා හෝ පක්ෂය හඹා යනු ඇති අතර මුදල් ගෙවා බලහත්කාරයෙන් මිනිසුන් වෙත පණිවිඩ රැගෙන නොයා යුතුය


ට්විටර් විධායක අධ්‍යක්ෂ ජැක් ඩොර්සි ප්‍රකාශ කලේ ලෝකය පුරා සියළු දේශපාලන දැන්වීම් ට්විටර් හී පල කිරීම නවතා දැමීමට තීරණය කළ බවයි. ඒ අනුව ඉදිරියේදී ට්විටර් මගින් කිසිදු අයුරක දේශපාලන දැන්වීමක් පළ කිරීමට අවසර නැත.

ජැක් ඩොර්සි පවසන්නේ මෙම තීරණය මගින් කිසිවෙකුගේත් අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට තමන් උත්සහා නොකරන නමුත් ප්‍රජාතන්ත්‍රවාදය රැක ගැනීමටනම් පවතින ක්‍රමය වෙනස් විය යුතු බවයි.

එළැඹෙන නොවැම්බර් මස 22 වන දින සිට මෙම තීරණය ක්‍රියාත්මක වන අතර එමගින් ඉදිරියේදී පැවැත්වෙන්නට නියමිත එංගලන්ත මැතිවරණයට දැඩි බලපෑමක් එල්ල කෙරෙනු ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ මැතිවරණ ප්‍රචාරක කණ්ඩායම පවසන්නේ මෙම තීරණය අභූත ක්‍රියාවක් බවත් කන්සවේටිව් පාර්ෂවය නිහඩ කිරීමේ අරමුණින් ගත් තීරණයක් බවයි.

Image result for twitter ban political campaigns


මේ සම්බන්ධව පළ කළ ට්විටර් පණිවිඩ ගණනාවක් මගින් ට්විටර් ප්‍රධානී ජැක් ඩොර්සි පවසන්නේ ලෝකය පුරා මෙවැනි දේශ පාලන දැන්වීම් ප්‍රචාරය මගින් තොරතුරු අනිසි ලෙස ප්‍රචාරය මෙන්ම ව්‍යාජ සහ සාවද්‍ය තොරතුරු වලට මග පාදන බවයි.

” අප විසින් සියළු ආකාරයේ දේශ පාලන දැන්වීම් මුළු මහත් ලෝකයට අදාලවම ට්විටර් හී පල කිරීම නවතා ඇත්තෙමු . දේශපාලනික පණිවිඩ මිනිසුන් වෙත ලගා වීම මුදල් ගෙවා සිදු කළ යුත්තක් නොවන බව අප විශ්වාස කරමු .ඒ මන්ද කියනවානම් ඊට හේතු කිහිපයක් ඇත.

ඊයේ නිකුත් කළ ඔහුගේ ට්විටර් පිණිවිඩයක එසේ සටහන් විය.

දේශපාලන පණිවිඩයක් මිනිසුන් අතරට යෑමටනම් මිනිසුන් විසින් තමන්ට අවශ්‍ය දේශපාලකයා හෝ පක්ෂය හඹා යනු ඇති බවත් මුදල් ගෙවා බලහත්කාරයෙන් මිනිසුන් වෙත පණිවිඩ රැගෙන නොයා යුත් බවත් ඔහු මෙහිදි පවසා ඇත.

මිනිසුන් වෙත දැන්වීම් ළගා වීමට මුදල් ගෙවීම මගින් එකී කරුණ නිෂ්ප්‍රභා වෙයි. මිනිසුන් වෙත ළගා විය යුත්තේ කුමන පණිවිඩයද යන්න මුදල් මත තීරණය විය යුතු යැයි අප නොසිතමු. ඔහු එසේ පවසයි

වාණිජ දැන්වීම්කරණය සදහා ඇති හැකියාව සහ බලය මගින් දේශපාලනය සැළකිය යුතු ලෙස අවධානමේ දමන බවත්. ඒ මගින් ඡන්දදායකයන් මත කරන බලපෑම මගින් මිලියන ගණනකගේ ජීවිත තර්ජනයට ලක්විය හැකි බවත් ඔහු අවධාරණය කර සිටී.

ඔහුට අනුව මෙමගින් මිනිසුන්ගේ නිදහස් අදහස් ප්‍රකාශයට බලපෑම් කිරීම සම්බන්ධ අකරුණක් නොව මිනිසුන් වෙත දේශපාලන දැන්වීම් ළගා කරවීමට මුදල් ගෙවීම සහ සම්බන්ධ තීරණයකි.

ට්විටර් විධායක අධ්‍යක්ෂ වරයාගේ මෙම තීරණයත් සමග පැය කිහිපයක් තුළ ට්විටර් සමාගමේ කොටස් 3% ප්‍රතිශතයකින් පහළ ගොස් ඇත



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි