×

”එක් පවුලකට දරුවන් දෙදෙනෙක් පමණක්” නීතිය ගෙනෙන්නට ඉන්දියාව සැරසේ.

මේ වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.31කි.


ඉන්දියාවේ සීග්‍රයෙන් ඉහළ යන ජන ගහණය ට පිළියම් සෙවීම සදහා මේ වන විට ඉන්දීය විශේෂඥයාන් සහ දේශ පාලකයන් විසින් විවිධ යෝජනා ඉදිරිපත් කරමින් සිටී.
පවුලකට ළමුන් දෙදෙනෙක් පමණක් ප්‍රතිපත්තිය හදුන්වා දීම ට තටයුතු කිරීම මෙම යෝජනාවන් අතරේ වැඩි වශයෙන් සාකච්ඡාවට ලක් වී ඇත.

මේ වන විට ඉන්දියාවේ ජනගහනය බිලියන 1.31කි. එය චීන ජනගහණයට පමණක් දෙවැනි වන අතර ඇමරිකා එක්සත් ජනපදයේ සංගණන කාර්යාංශ වාර්ථාවලට අනුව තව වසර කිහිපයක් ඇතුලත ඉන්දියාන චීනය අභිබවා යනු ඇති බවට අපේක්ෂා කෙරේ.

2016 වසරේදී ඉන්දීය කාන්තාවන්ගේ සාඵල්‍යතා අනුපාතය 2.3 දක්වා අඩු වී ඇත්තේ 2000වසරේදී තිබූ 3.2 ට වඩා අඩු වෙමිනි. කෙසේ වෙතත් ඉන්දීය රජයේ දත්ත යන්ට අනුව වැඩි වන ජන ගහණය හේතුවෙන් රටේ දිළිදු බව හා විරැකියාව ඉහළ යෑමේ අභියෝගයට මුහුණ දීමට සිදු වේ.

එක් පවුලකට එක් දරුවන් දෙදෙනෙකු යන ප්‍රතිපත්තියට අදාල යෝජනාව ඉන්දීය පාර්ලිමේන්තුවට ප්‍රහලාද් සිංග් පටෙල් විසින් 2016 දී හදුන්වා දෙනු ලැබීය නමුත් මේ වනතුරුත් ඉන්දියාව මෙම යෝජනාව පාර්ලිමේන්තුව තුළ සාකච්ඡාවට නොගන්නා ලදී. නමුත් මේ වන විට එහි අවශ්‍යතාව ඉස්මතු වෙමින් පවතින අතර එය ක්‍රියාවට නැගුණ හෝත් සෑම ඉන්දීය පවුලකටම දරුවන් දෙදෙනකු පමණක් හදා වඩා ගත හැකි වනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි