×

කැලිෆෝනියා සැන් දියාගෝ සත්ව උද්‍යානයේ ගොරිල්ලන් දෙදෙනෙකුටත් කොරෝනා!

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් පෙන්නුම කර තිබෙන්නේද මිනිසුන් නොවන වෙනත් සත්ව කොටස්වලටද මෙම වෛරසය බෝ වීමේ ඉඩක් පවතින බවයි.


කැලිෆෝනියාවේ සැන් දියාගෝ සත්ව උද්‍යානයේ අවම වශයෙන් ගොරිල්ලන් දෙදෙනෙකුටවත් කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට ඇමරිකානු මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

මේ වන විට සත්වයින් තිදෙනෙකුට රෝග ලක්ෂ පෙන්නුම් කරමින්  පවතින අතර ආසාදිත නමුත් රෝග ලක්ෂණ නොමැති සේවකයෙක් මඟින් එම සතුන්ට බෝ වන්නට ඇති බවටයි සැක පළ කරන්නේ.

කොවිඩ් 19 වෛරසය සම්බන්ධයෙන් කරන ලද පරීක්ෂණ වලින් පෙන්නුම කර තිබෙන්නේද මිනිසුන් නොවන වෙනත් සත්ව කොටස්වලටද මෙම වෛරසය බෝ වීමේ ඉඩක් පවතින බවයි.

කෙසේවෙතත් ගොරිල්ලන් පවුල් වශයෙන් සිටින හෙයින්  කණ්ඩායමටම වැළඳී ඇති බවට සත්වෝද්‍යාන නිලධාරීන් සැක පළකර ඇත.

මෙම ආසාදිත ගොරිල්ලන්ගේ සෞඛ්‍ය තත්වය සම්බන්ධයෙන් කුමන ප්‍රතිචාරයක් දක්වනු ඇත්ද යන්න පිළිබඳ පූර්ව අනාවැකි  පළකල නොහැකි නමුත් ඔවුන් සම්බන්ධයෙන් නිරනතර නිරීක්ෂණයේ පසුවන බවද එම සත්වෝද්‍යාන බලධාරීන් පවසා තිබේ.

LNW



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි