×

බංගලාදේශයේදී රොහින්ග්‍යා කඳවුරු නායකයින් දෙදෙනෙකු ඝාතනය කෙරේ

මෙම ඝාතන වෙනුවෙන් සන්නද්ධ කණ්ඩායමක් වන අරකන් රොහින්ග්‍යා ගැලවීමේ හමුදාව (ARSA) වෙත චෝදනා එල්ල වේ.


බංගලාදේශයේ මිලියනයකට අධික සරණාගතයන් සිටින කඳවුරුවල ආරක්ෂාව මේ වන විට නරක අතට හැරෙමින් ඇත.

ඒ අනුව බංගලාදේශයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක ඊයේ(16) දින වාර්තා කර තිබුනේ බංග්ලාදේශයේ රෝහින්ග්‍යා ප්‍රජා නායකයින් දෙදෙනෙකු කපා කොටා ඝාතනය කර ඇති බවයි. එය මෑත මාසවල සිදු වූ දරුණුතම ප්‍රහාරයන්ගෙන් එකක් ලෙස ඔහු සඳහන් කර තිබුණ.


13 කදවුරේ ප්‍රධානියා වන 38 හැවිරිදි මවුලවි මොහොමඩ් යුනුස් හා මාජිවරයෙකු වූ 38 හැවිරිදි මොහොමඩ් අන්වර් ද මෙලෙස අමානුෂික ලෙස ඝාතනයට ලක්ව ඇත. මෙම ඝාතන වෙනුවෙන් සන්නද්ධ කණ්ඩායමක් වන අරකන් රොහින්ග්‍යා ගැලවීමේ හමුදාව (ARSA) වෙත චෝදනා එල්ල වේ.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි