×

සෞදි අරාබියට අයත් ඉන්ධන නෞකා දෙකකට ප්‍රහාර.

ගෝලිය වශයෙන් පරිභෝජනය කරන තෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ බෙදා හැරෙන්නේ මෙම සිදුවීම සිදු වූ ප්‍රදේශය හරහා වෙයි.


සෞදි අරාබියට අයත් තෙල් ප්‍රවාහණය කරන නෞකා දෙකක් කිසියම් පිරිසක් විසින් කඩා කප්පල්කාරීලෙස පහර දී ඇතැයි සෞදි අරාබියේ බලශක්ති අමාත්‍යවරයා පවසයි.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයට අයත් ආර්ථික කලාපයක් වන ෆජයිරා වරායේදී මෙම සිදු වීම සිදු වී ඇති අතර යාත්‍රාවට දැඩි ලෙස හානි සිදුව ඇත.

එක්සත් අරාබි එමීර් රාජ්‍ය පවසන පරිදි මෙමගින් රටවප් හතරකට අයත් ඉන්ධන නෞකාවලටද හානි සිදුව ඇත. මේත් සමග වාර්ථාවන කිසිදු පුද්ගලික හානියක් හෝ මරණයක් සිදු නොවී ඇත.
ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ මෙම ප්‍රහාරය සම්බන්ධව විධිමත් ඉක්මන් විමර්ෂණයක් අවශ්‍ය බවයි
ගෝලිය වශයෙන් පරිභෝජනය කරන තෙල් ප්‍රමාණයෙන් පහෙන් එකක් පමණ බෙදා හැරෙන්නේ මෙම සිදුවීම සිදු වූ ප්‍රදේශය හරහා වෙයි.
පසුගිය දා ඉරානයෙන් මැදපෙරදිග රටවල් වෙත බලපෑම් එල්ල වනු ඇතැයි අපේක්ෂාවෙන් ඇමරිකා එක්සත් ජනපදය මැද පෙරදිග වෙත යප්‍රහාරක යානා රැගත් යුධ නැවක් යැවීය..



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි