×

දශක ගණනාවකට පසු ජපානයම බිය ගැන්වූ… බිහිසුණුම කුණාටුව හැගිබීස්

1959 වසරේ වේරා කුණාටුවට පසු හමා ආ බිහිසුණූම කුණාටුව මෙයයි.


වසර 60ක ඉතිහාසයක් තුළ ජපානය මුහුණ දුන් බිහිසුණුම කුණාටුවට මුහුණ දෙන්නට ජපානයට ඊයේ රාත්‍රියේදී සිදු විය. මේ වන විට වාර්ථා වී ඇති මරණ සංඛ්‍යාව පහක් වුවත් ජපන් වාර්ථා සදහන් කරන්නේ එම සඛ්‍යාව ඊට වඩා ඉහළ අගයක් ගනු ඇති බවයි.මේ වන විට පුද්ගලයින් 9 දෙනෙකු අතුරුදන්ව ඇති බව වාර්ථා වේ. ජපානයේ වේලාවෙන් ඊයේ රාත්‍රී 7ට පමණ කඩා වැදුණ මෙම හැග්බිස් කුණාටුව හේතුවෙන් මේ වන විට ටෝකියෝව ඇතුළු ප්‍රදේශ ගණණාවක නාය යෑම් සහ තවත් අනතුරු වාර්ථා වී ඇත.

ජපානයේ නැගෙන හිර වෙරළ දෙසින් හමා යමින් තිබෙන මෙම හැගිබීස් කුණාටුව හේතුවෙන් මිලියන 7කට වැඩි පිරිසකට සිය ගම් බිම් අතහැර යන්නට සිදුව ඇති බව ජපන් මාධ්‍ය වාර්ථා කරයි. මේ වන විට නිවාස 27000ක විදුලිය විසන්ධි වී තිබීම හේතුවෙන් සාමාන්‍ය ජනජීවිතය මුළු මුණීන්ම විනාශයට ලක් වී ඇත.

මේ වන විට ජපානයේ විදුලි දුම්රිය සේවය අත්හිටුවා ඇති අතර ටෝකියෝ නගරයේ පිහිටි හනේඩා සහ නරීටා ගුවන් තොටුපල කටුයුතු නතර කිරීමටද එරට රජය පියවර ගෙන ඇත.

මේ දිනවල ජපානයේ පැවැත්වෙන්නට නියමිතව තිබී රග්බි ලෝක කුසලාන තරගාවලියේ තරග කිහිපයක්ද කුණාටුව හේතුවෙන් අත් හිටවා ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්ථා කරයි.

මෙම කුණාටුව ජපානය විසින් හැගිබීස් නමින් නම් කර ඇති අතර එහි අර්ථය වන්නේ අධික වේගය යන්නයි. 1959 වසරේ ජපානය මුහුණ දුන් වේරා සුළි කුණාටුවට පසු පැමිණි විශාලතම කුණාටුව මෙය බව වාර්ථා වේ. මෙම කුණාටුවෙන් 1959 වසරේ පුද්ගලයින් 5000ක් දෙනා අතුරුදන් හෝ ජීවිතක්ෂයට පත් වූහ. ජපානය සාමාන්‍යයෙන් වර්ෂයකට විවිධ ප්‍රමාණයේ සුළි කුණාටු 20කට පමණ මුහුණ දෙන නමුත් ටෝකියෝ නගරයට මෙවැනි බලපෑමක් ඇති කළ කුණාටුව හැග්බීස් කුණාටුවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි