×

උබර් – Uber සමාගමට ලන්ඩනයේ ටැක්සි ධාවනය තහනම් වේ

අද (25) දින උබර් සමාගමට ලන්ඩන් නුවර ටැක්සි රථ ධාවනය සඳහා ලබා දී තිබූ බලපත්‍රය අහෝසි කෙරිණි.


එයට හේතුව, උබර් සමාගම විසින් මගීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට අසමත් වීමයි.

එසේ වී තිබෙන්නේ රියැදුරු බලපත්‍ර රහිත සහ රක්ෂණය වී නොමැති රියැදුරන් මගී ප්‍රවාහනය සඳහා යෙදවීම හේතුවෙනි.

‘‘ආරක්ෂාව අපගේ පරම ප්‍රමුඛතාවයයි‘‘ යැයි ලන්ඩනයේ මගී ප්‍රවාහන බලපත්‍ර සහ නියාමනය භාරව සිටින Transport for London හි අධ්‍යක්ෂවරයා පවසයි. ‘‘Uber විසින් මෑත කාලයේ සිය සේවා තත්වය දියුණු කරගෙන ඇති බව අපි පිළිගන්නා නමුත් ඔවුන් විසින් රියැදුරු බලපත්‍ර සහ රක්ෂණ අහිමි රියැදුරන් මගීන් ගෙන යාම සඳහා මිනි කැබ් රථවලට යෙදවීම පිළිගත නොහැකියි‘‘ යැයි ද ඔහු තවදුරටත් පැවසුවේය.

මේ අනුව උබර් සමාගමට අභියාචනය සඳහා සති 3 ක කාලයක් ලබා දී ඇති අතර, ලන්ඩන් වීදිවල එම සති තුනෙන් පසු රිය ධාවනය කිරීම පිළිබඳ තීරණය කෙරෙනු ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි