×

අල්-ෂබාබ් සටන්කාමීන්ගේ ප්‍රහාරයකින් උගන්ඩාවේ සාම සාධක හමුදා භටයන් 54 දෙනෙකු මිය යයි

දශකයකට වැඩි කාලයක් සෝමාලියාවේ බිඳෙනසුලු මධ්‍යම ආන්ඩුවට එරෙහිව සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් විසින් මාරාන්තික කැරැල්ලක් දියත් කර තිබේ.


සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් විසින් දියත් කරන ලද ප්‍රහාරයක් හේතුවෙන් අප්‍රිකානු සංගමයේ සාම සාධක භටයන් 54 දෙනෙකු මිය ගොස් ඇති බව උගන්ඩාවේ ජනාධිපති යොවේරි මුසවේනි සිය නිල ටුවිටර් ගිනුමේ ප්‍රකාශ කර තිබේ.

ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ මෙම ප්‍රහාරය අල්-ෂබාබ් ජිහාඩ්වාදීන් කරන ලද මෑත කාලීන දරුණුතම ප්‍රහාරවලින් එකක් බවයි.

උගන්ඩා ජනාධිපතිවරයා මෙහිදී සඳහන් කර තිබුණේ අණ දෙන නිලධාරියෙකු ඇතුළුව මියගිය සොල්දාදුවන් 54 දෙනෙකුගේ පණ නැති සිරුරු සොයා ගැනීමට සමත් වූ බවත්, මෙම මරණවලට හමුදාපතිවරුන් දෙදෙනෙකු වන Maj Oluka සහ Maj Obbo ගනුලැබූ වැරදි තීරණ හේතු වූ බවත්, ඔවුන් යුද අධිකරණයකදී චෝදනාවලට මුහුණ දීමට නියමිත වන බවත්ය.

දශකයකට වැඩි කාලයක් සෝමාලියාවේ බිඳෙනසුලු මධ්‍යම ආන්ඩුවට එරෙහිව සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් විසින් මාරාන්තික කැරැල්ලක් දියත් කර ඇති අතර මෑතක සිට ATMIS නමින් හැඳින්වෙන රජයට පක්ෂපාතී හමුදාවක් විසින් සෝමාලියාවේ අල්-ෂබාබ් සටන්කාමීන් වෙත ප්‍රහාර දියත් කිරීම ආරම්භ කිරීමත් සමඟ තත්වය තවදුරටත් බරපතල වී ඇත.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි