×

පච වෙලත් බෝජෝ ඉදිරියෙන්.. ජයග්‍රහණයේ සුළඟ දක්ෂිණාංශයට!

ජනප්‍රියකරණයේ දිලිසෙන සළුපිලි වලට වශීවූ බ්‍රිතාන්‍ය වැසියහු මෙසේ දක්ෂිණාංශයම සැප යැයි කීහ..


බ්‍රිතාන්‍ය ස්වාධීන සන්නිවේදන හා වෙළඳ කටයුතු සමීක්ෂණ ජාලයේ (Independent Communications and Marketing: ICM) තොරතුරු වලට අනුව එළඹෙන මහ මැතිවරණ උණුසුම තුළ බ්‍රිතාන්‍ය වාමාංශික කම්කරු පක්ෂය අභිබවා පාලක කන්සර්වටිව් පක්ෂය ඉදිරියෙන් සිටිනා බවට වාර්තා වේ.

මෙකී ජාලය ජනමත විචාරණ හා මහජන මත විමසීම සම්බන්ධයෙන් (විශේෂයෙන් බ්‍රිතාන්‍යයේ දේශපාලන උණුසුම්කරණය මතු වන කාලසීමාවන් හීදී) සිදුකළ ඡන්ද විමසීමකදී හෙලිවී තිබෙන්නේ ජෙරමි කෝබින් ප්‍රමුඛ කම්කරු පක්ෂය 7% කින් අභිබවා එරට අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ප්‍රමුඛ කන්සර්වටිව් පක්ෂය ඉදිරියෙන් සිටිනා බවයි. ඒ අනුව බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂය 31% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා අතර තුර කන්සර්වටිව් පක්ෂය 38% ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගෙන තිබෙන බවට එම ජාලය පුරෝකතනය කොට තිබේ.

බ්‍රිතාන්‍යයේ එළඹෙන දෙසැම්බර් 12 වන දිනට නියමිතව තිබෙන මහමැතිවරණයට ප්‍රථම පවත්වන ලද මෙම මැතිවරණ සමීක්ෂණය ඔස්සේ ජයග්‍රහණයේ සුළඟ දක්ෂිණාංශික කන්සර්වටිව් පක්ෂය වෙත ඇදෙන ලකුණු මින් පසක් වේ.  

ICM ජාලයේ පළමු මැතිවරණ ඡන්ද විමසීමේදී කන්සර්වටිව් පක්ෂය 38% ක් ද කම්කරු පක්ෂය 31% ක් ද අන්දමින් සනිටුහන් වන විටදී 15% කගේ සහාය යුරෝපා හිතවාදී ලිබරල් ඩිමොක්‍රටික් පක්ෂයට ද 9% ක් බ්‍රෙක්සිට් පක්ෂයට ද හිමිව ති‍බේ. කෙසේ වෙතත්, නොවැම්බර් මස 1 – 4 වන දින දක්වා කාලය තුළ අන්තර්ජාලය හරහා සිදු කරන ලද මෙකී මැතිවරණ සමීක්ෂණයේ පුද්ගලයින් 2,047 දෙනෙකුගේ මත විමසුම තුළ පෙන්නුම් කරන ලද ප්‍රතිඵල, මීට පෙර සිදුකරන ලද වෙනත් සමීක්ෂණ වලට සාපේක්ෂව වඩාත් පටු පරතරයක් පෙන්නුම් කරයි. 

මීට පෙර පැවති සමීක්ෂණ තුළින් කන්සර්වටිව් පක්ෂය කම්කරු පක්ෂයට වඩා 8 – 17% අතර ප්‍රතිශතයකින් ඉදිරියෙන් සිටින බවට නිරූපණය කර තිබිණි. 

ICM ජාලය බ්‍රිතාන්‍ය මැතිවරණ කවුන්සිලයේ (British Polling Council) සාමාජිකත්වය දරනා මහජන මතය විමසීම හා ජනමත විචාරණ පිළිබඳ සමීක්ෂණ පවත්වන ආයතනයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි