×

අයර්ලන්ත දේශසීමා ගැටළුව පිළිබඳ යුරෝපීය සංගමයේ ප්‍රකාශ සාවද්‍යයි: බ්‍රිතාන්‍ය විදේශ ලේකම්

"අපි විකල්ප ඉදිරිපත් කරනවා, මොවුන් දිගින් දිගටම පවසන්නේ අප අපගේ දායකත්වය ලබා නොදුන් බවයි. එය සාවද්‍යයි. අපි අපගේ අදහස් ඉදිරිපත් කර තිබෙනවා," බ්‍රිතාන්‍ය විදේශ ලේකම් අවධාරණය කර සිටියේය.


අයර්ලන්ත දේශසීමා ගැටළුව සම්බන්ධයෙන් අයර්ලන්තය ඇතුළු යුරෝපීය සංගමය ලන්ඩනය ඉලක්ක කර ගනිමින් සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බව බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පවසයි. 

අයර්ලන්ත දේශසීමා වෙනස් කිරීම පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමේදී ලන්ඩනය ඊට සහයෝගය නොදැක්වූයේ යැයි අයර්ලන්තය හා යුරෝපීය සංගමයට අයත් රටවල් විසින් ප්‍රකාශ කිරීම වැරදි සහගත බවත්, සැබවින්ම එසේ විකල්ප නිර්දේශ බ්‍රිතාන්‍යය විසින් ඉදිරිපත් කර ඇති බවටත් බ්‍රිතාන්‍ය ප්‍රවාහන අමාත්‍යංශ ලේකම් ග්‍රෑන්ට් ෂැප්ස් අද (30) දින ප්‍රකාශ කර සිටියේය. 

මෙම ප්‍රතිස්ථාපනය ස්ථාපනය සඳහා බ්‍රිතාන්‍යය ස්ථිර හෝ විශ්වාසදායක යෝජනා ඉදිරිපත් කර නොමැති බවට අයර්ලන්ත විදේශ ඇමති සයිමන් කොව්නි කළ ප්‍රකාශය පිළිබඳ අදහස් දක්වමින් බ්‍රිතාන්‍ය විදේශ ලේකම් පවසා සිටියේ එය සාවද්‍ය ප්‍රකාශයක් බවයි. 

“අපි විකල්ප ඉදිරිපත් කරනවා, මොවුන් දිගින් දිගටම පවසන්නේ අප අපගේ දායකත්වය ලබා නොදුන් බවයි. එය සාවද්‍යයි. අපි අපගේ අදහස් ඉදිරිපත් කර තිබෙනවා,” ෂැප්ස් අවධාරණය කර සිටියේය. 



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි