×

බ්‍රිතාන්‍යයේ කොවිඩ් මරණ පනස් දහස ඉක්මවයි!

යුරෝපා කලාපය තුළ ඉහළම මරණ සංඛ්‍යාවන් වාර්තා කළ රටවල් අතර බ්‍රිතාන්‍යය පසුවේ.


බ්‍රිතාන්‍යයේ කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් මරණයට පත් පුද්ගලයින් සංඛ්‍යාව පනස් දහස ඉක්මවා තිබේ.

බ්‍රිතාන්‍ය රජයේ වාර්තා වලට අනුව, අද (11) දින තුළ පමණක් කොවිඩ් ආශ්‍රිත මරණ 595 ක් වාර්තා වී ඇත.

ඒ අනුව එරට සමස්ත මරණ සංඛ්‍යාව 50,365 ලෙස සටහන් වේ.

ගතවූ පැය විසිහතර තුළ නව ආසාදන 22,950 වාර්තා වී තිබෙන අතර, යුරෝපා කලාපය තුළ ඉහළම මරණ සංඛ්‍යාවන් වාර්තා කළ රටවල් අතර බ්‍රිතාන්‍යය පසුවේ.

කොවිඩ් තත්ත්වය මත බොහෝ වැඩකටයුතු අඩාල වී ඇති පසුබිමක, මෑතදී නිර්දේශ වූ 90% ක වෛරස මර්දන සාර්ථකත්වයක් යුතු වැක්සිනය පිළිබඳ එරට ජනතාවගේ බලාපොරොත්තු එක්රොක් වී ඇත.

එළඹෙන දෙසැම්බරය වන විට කොවිඩ් වැක්සිනය රට තුළ යෙදීමට කටයුතු යොදා තිබේ.

කෙසේ වෙතත් වැක්සිනය යොදන මොහොත වන විට කොවිඩ් ආශ්‍රිත මරණ සංඛ්‍යාව ලක්ෂය පසුකරනු ඇති බවට ඇස්තමේන්තු කර ඇති බවට ද විදෙස් මාධ්‍ය වාර්තා කරයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි