×

බ්‍රෙක්සිට් ගැටළුව හමුවේ ජොන්සන් අමුතුම වැඩකට අතගහලා!

ජොන්සන් ගේ සැලැස්ම 2025 වනතුරු උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ රඳවා තැබීමයි!


බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් මහතා බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත්වීම පිළිබඳ සැලසුමේ දී අමුතුම වැඩකට අතගසා ඇති බවට වාර්තා වේ.

විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා බ්‍රෙක්සිට් හෙවත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ගිවිසුමේදී උතුරු අයර්ලන්තය ඉතිරි කොට අනෙක් කලාප පමණක් ඉවත් කර ගැනීමට සූදානම් වෙයි.

පසුගිය අඟහරුවාදා (01) දින ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කර සිටියේ බ්‍රෙක්සිට් ගිවිසුම හමුවේ උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ රැඳී පැවතීමට බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා යුරෝපය සමඟ විශේෂ එකඟතාවකට පැමිණීමට සැලසුම් කර ඇති බවයි.

මෙම සැලසුමට අනුව ජොන්සන් 2025 වර්ෂය දක්වා පවතින කාලය තුළ උතුරු අයර්ලන්තය යුරෝපා සංගමයේ රැඳී පැවැත්වීමට කටයුතු සූදානම් කරයි. මේ සමඟ 2025 වර්ෂය දක්වා ජාත්‍යන්තර සබඳතා හමුවේ උතුරු අයර්ලන්තයට යුරෝපා සංගමය සමඟ කටයුතු කිරීමේ හැකියාව ලැබේ.

කෙසේ වෙතත්, මුළුමහත් බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් නික්ම යාමත් සමඟ උතුරු අයර්ලන්තය ද යුරෝපා සංගම් සම්ප්‍රදායන් අතහැර දැමීමට සූදානම්ව සිටින බවද ද ටෙලිග්‍රාෆ් පුවත්පත වාර්තා කරයි.

පසුගිය කාලසීමාව පුරාම බ්‍රෙක්සිට් ගිවිසුම සම්මත කර ගැනීම හමුවේ ජොන්සන් දැරූ ප්‍රයන්ත සියල්ල ව්‍යර්ථ වූ අතර, ඔහුගේ ක්‍රියාකලාපය බ්‍රිතාන්‍ය ශේෂ්ඨාධිකරණය පවා හෙලා දැක තිබේ. දක්ෂිණාංශික මතධාරී බ්‍රිතාන්‍යයින් බොහොමයක් බ්‍රෙක්සිට් ගිවිසුම කෙරේ සහයෝගය පළකලද, එමඟින් එක්සත් රාජධානිය තුළ සිදුවිය හැකි අයහපත් වාතාවාරණය පිළිබඳ සංවේදී බොහොමයක් ජනයා මෙයට දැඩිවිරෝධතාව පළකරමින් සිටී.

මීට අමතරව, බ්‍රිතාන්‍ය පාලක කොන්සර්වේටිව් පක්ෂයේ සභාපති අද (02) දින ප්‍රකාශ කර සිටියේ ඔක්තෝබර් 31 දිනට පෙර බ්‍රෙක්සිට් ගනුදෙනුවක් සඳහා එකඟතාවයකට පැමිණිය හැකි වන පරිදි යම් සහන ලබා දීමට කාලය මෙය බව යුරෝපා සංගමය පිළිගත යුතු බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි