×

එක්සත් රාජධානිය වසර 150 කට පෙර කොල්ලකන ලද ඝානාවේ කෞතුක වස්තු වසර හයක කාලයකට නැවත එම රටට ලබා දේ

මෙම ආදරණීය කෞතුක වස්තු මඟින් අභිමානය පිළිබඳ නව හැඟීමක් සහ ඔවුන්ගේ පොහොසත් ඉතිහාසය සමඟ සම්බන්ධතාවයක් ඇති කරන බව විශ්වාස කෙරේ.


සටහන: සශිකලා මධුෂාණි,අප්‍රේල් 20,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): අදින් වසර 150 කට පෙර ඝානාවේ අසන්ටේ රාජධානියෙන් සොරකම් කරන ලද රන් සහ රිදී වස්තු 32 ක් එක්සත් රාජධානිය විසින් වසර හයක කාලයක් සඳහා නැවත ඝනාවට ලබා දීමට කටයුතු කරන බව වාර්තා වේ.

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ භාණ්ඩ 15 කින් සහ වික්ටෝරියා සහ ඇල්බට් කෞතුකාගාරයේ (V&A) 17 කින් සමන්විත කෞතුක වස්තු, 19 වන සියවසේ බ්‍රිතාන්‍යයන් සහ අසන්තේ ජනතාව අතර ඇති වූ කැළඹිලි සහගත ගැටුම් අතරතුර අසන්තේ රජුගේ මළුවෙන් කොල්ලකන ලද ඒවා ලෙස සැලකේ.

ඝානා බලධාරීන් වසර ගණනාවක් තිස්සේ බ්‍රිතාන්‍ය සොල්දාදුවන් විසින් කොල්ලකන ලද වස්තුන් නැවත සිය රටට ලබා ගැනීමට උත්සහ කර ඇති අතර රජුගේ රිදී ජුබිලියට ගෞරව කිරීම සඳහා වසරක් පුරා පැවැත්වෙන සැමරුම් උත්සවයේ කොටසක් ලෙස, අසන්ටේ ප්‍රදේශයේ අගනුවර වන Kumasi හි Manhyia මාලිගා කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කිරීම අපේක්ෂා කෙරේ.

මෙමගින් ඝානාවේ ජනතාව සඳහා අතිවිශාල සංස්කෘතික හා අධ්‍යාත්මික වැදගත්කමක් ඇති මෙම ආදරණීය කෞතුක වස්තු මඟින් අභිමානය පිළිබඳ නව හැඟීමක් සහ ඔවුන්ගේ පොහොසත් ඉතිහාසය සමඟ සම්බන්ධතාවයක් ඇති කරන බව විශ්වාස කෙරේ.

මෙලෙසින්ම නයිජීරියාව ද පැරණි බෙනින් රාජධානියෙන් කොල්ලකන ලද සහ දැනට එක්සත් ජනපදය සහ යුරෝපය පුරා කෞතුකාගාර සහ චිත්‍ර එකතුකරන්නන් සතුව ඇති දහස් ගණන් 16 සිට 18 වැනි සියවස්වලට අයත් ලෝහ වස්තු ආපසු ලබා ගැනීමට කටයුතු කරමින් සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි