×

බ්‍රිතාන්‍ය හා ඇමරිකානු සොල්දාදුවන් දෙදෙනෙක් හා ඇමරිකානුවෙකු රොකට් ප්‍රහාරයකින් ඉරාකයේදී මරුට

ඉරාකයේ එක්සත් ජනපද හා එක්සත් රාජධානියේ භට පිරිස් රොකට් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.


ඉරාකයේ එක්සත් ජනපද හා එක්සත් රාජධානියේ භට පිරිස් රොකට් ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් තිබේ.

බැග්ඩෑඩයට උතුරින් පිහිටි ටජි හමුදා කඳවුරට එල්ල වූ ප්‍රහාරයෙන් අවම වශයෙන් 12 දෙනෙකු තුවාල ලබා තිබේ. ඇමරිකානු හමුදා ආරංචි මාර්ග සඳහන් කළේ ඇමරිකානු සොල්දාදුවෙකු, ඇමරිකානු කොන්ත්‍රාත්කරුවෙකු සහ බ්‍රිතාන්‍ය සොල්දාදුවෙකු මිය ගිය බවයි. තවමත් නම් නිකුත් කර නැත.

එක්සත් ජනපදය ජනවාරි මාසයේ දී ඩ්‍රෝන් ප්‍රහාරයකින් ඉරානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි කසෙම් සොලෙයිමනී ඝාතනය කිරීමෙන් පසු ඉරාන ඇමරිකා ගැටුම් උද්ගත වී ඇත.

ඉරාකයේ සහ සිරියාවේ එක්සත් ජනපදය ප්‍රමුඛ සන්ධානයේ ප්‍රකාශයකින් සනාථ වූයේ රොකට් 18 ක් කඳවුරට පහර දී ඇති බවයි.

ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සන්ධානයේ ප්‍රකාශකයෙකු කියා සිටියේ බදාදා ප්‍රාදේශීය වේලාවෙන් 19:35 ට (GMT 16:35) මෙම ප්‍රහාරය සිදුව ඇති බවයි. මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවද ඔහු පැවසීය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි