×

යුක්‍රේනය සහ රුසියානු බෙදුම්වාදීන් රැඳවියන් හුවමාරුවක!

යුක්‍රේනය සහ රුසියාව අතර පැවති යුධමය වාතාවරණයෙන් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 13,000 කට අධිකය. 


යුක්‍රේන රජය සහ රුසියානු හිතෛශී බෙදුම්වාදීන් අතර සිරකරුවන් හුවමාරුවක් සිදුකොට තිබේ.

යුක්‍රේනය හා රුසියාව අතර පවතින යුධමය ගැටුම ක්‍රිමියානු අර්ධද්වීපය, යුක්‍රේනයේ ඩොන්බාස් ආදී කලාප වල පස් වසරක් මුළුල්ලේ ක්‍රියාත්මක වූවකි.

එයින් අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 13,000 කට අධිකය.

අදාල රැඳවියන් හුවමාරුව සිදුව ඇත්තේ ඩොන්බාස් කලාපයේ ප්‍රදේශක ය.

යුක්‍රේන රජයේ හමුදා සහ රුසියානු හිතෛශී බෙදුම්වාදීන් අතර මෙම සිරකරු හුවමාරුව සිදුවූයේ ඊයේ (29) දිනයේය.

ඒ අනුව, යුක්‍රේන සිරකරුවන් 76 දෙනෙකුද රුසියානු බෙදුම්වාදී සිරකරුවන් 120 දෙනෙකුද මුදා හැරි බවට වාර්තා වේ.

එය පෙරට සාපේක්ෂව විශාල සංඛ්‍යාවකි!

මෙම සිරකරුවන් මුදාහැරීමේ ක්‍රියාවලිය සාර්ථකව සිදුවූ බවට වාර්තා වූ මුත්, දෙරට අතර පවතින එකඟතා සමනය කිරීමට සමත් ව නොමැති බවද වාර්තා වේ.

යුරෝමේඩන් විරෝධතා සහ යුක්‍රේන හිටපු ජනපති වික්ටර් යනුකොවි ගේ පාලනය බිඳ වැටීම සමඟ රාජ්‍ය නොවන රුසියානු බෙදුම්වාදීන් විසින් යුක්‍රේන භූමියේ පාලන බලය අල්ලා ගන්නා ලදී.

මෙමඟින් යුක්‍රේනයේ අදාල කලාපයේ යටිතල පහසුකම් හා උපායමාර්ගික ප්‍රදේශ වල අයිතිය රුසියාව සතුවිය.

රුසියාවේ මෙම ක්‍රියාකලාපය ජාත්‍යන්තර ප්‍රජාව තරයේ හෙලා දකින ලදී.

මෙම යුධමය වාතාවරණය හටගත්තේ 2014 වර්ෂයේදී ය.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි