×

යුක්රේන ගුවන් යානයක් ටෙහෙරානයේදී කඩා වැටෙයි- 176 ම මරුට

දේශීය වේලාවෙන් බදාදා අලුයම ටෙහෙරානයේ ඉමාම් කොමේනි ගුවන්තොටුපළෙන් මගීන් 180 ක් සහ කාර්ය මණ්ඩලය 180 දෙනෙකු රැගත් බෝයිං 737 යානයක් ගුවන් ගත වූ සැණින් අනතුරට ලක් වී ඇත.


බදාදා අලුයම ටෙහෙරානයේ ඉමාම් කොමේනි ගුවන්තොටුපළෙන්  ගමන් ඇරඹි පුද්ගලයන් 176 දෙනෙක් රැගත් බෝයිං ගුවන් යානයක් ගුවන් ගත වූ සැණින් අනතුරට ලක් වී ඇත.

පෙර පළ වූ වාර්තාවල මිය ගිය සංඛ්‍යාව මගීන් 176 ක් සහ කාර්ය මණ්ඩලයේ 4 දෙනෙක් ලෙස සඳහන් වුවත්, අලුත්ම CNN වාර්තාව සඳහන් කරන්නේ යානයේ සිටි මුළු සංඛ්‍යාව 176 ක් ලෙස ය.

යුක්රේනයේ ජාත්‍යන්තර ගුවන් සේවයේ යානයක් වන මෙහි ගමන් ගනිමින් සිටි බොහෝ මගීන් මිය ගොස් ඇති බව මුලින් පළ වුවත් මේ වන විට හෙළි වී තිබෙන්නේ යානයේ ගමන් ගත් සියලු දෙනා මරණයට පත් වී ඇති බව ය.

මිය ගිය අය අතර ඉරානයේ ටෙහෙරාන් තාක්ෂණික විශ්ව විද්‍යාලයේ සිසුහු 13 දෙනෙක් ද වෙති. මිය ගිය අය අතරින් වැඩිම පිරිසක් එනම් 82 දෙනෙක් ඉරාන ජාතිකයන් වන අතර, 63 දෙනෙක් කැනේඩියානුවන් ය. 11 දෙනෙක් යුක්රේන ජාතිකයන් ය.

හදිසි කාර්ය මණ්ඩලය අනතුරට ලක්වූ සැණින් එම ස්ථානයට යවා ඇති නමුත් ප්‍රදේශය ගිනිගෙන ඇති බැවින් ඔවුන්ට සහාය වීමට අපහසු වී ඇත. ඉරාන බලධාරීන් පැවසුවේ ගුවන් යානය අනතුරට ලක්ව ඇත්තේ පැරන්ඩ් සහ ෂාරියාර් නගර අතර බවයි.

එරට පියාසැරි ලුහුබැඳීමේ සේවාව වන ෆ්ලයිට් රේඩාර් 24 ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් කියා සිටියේ මෙම යානය වසර තුනහමාරක පමණ කාලයක් සේවයේ නියුතුව ඇති යානයක් බවයි. මාධ්‍ය වාර්ථා කරන පරිදි මෙම අනතුරට හේතු වී ඇත්තේ යානයේ තාක්ෂණික දෝෂයකි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි