×

යුක්රේන ජනපති සෙලෙන්ස්කි, ඇමරිකානු ජනපති බයිඩන්ට ස්තූතිය පළ කරයි!

යුක්‍රේන ජනාධිපති වොලොදිමිර් සෙලෙන්ස්කි, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන්ට ස්තූතිය පළ කර ඇති බව වාර්තා වේ.


ඒ රුසියාවට එරෙහිව සටන් කිරීම සඳහා යුක්‍රේනයට මූල්‍යාධාර සහ ආරක්ෂක ආධාර ලබාදීම වෙනුවෙනි.

ජනාධිපතිවරුන් අතර පැවති දුරකතන සංවාදයකදී, යුක්‍රේන ජනාධිපතිවරයා සිය ස්තූතිය පළ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළ අතර එහිදි යුක්‍රේන ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ, පෙර නොවූ විරූ අයුරින් ලබා දෙන සහය ඉතා වටිනා බවයි.

එය යුද පිටියේ සාර්ථකත්වයට මෙන්ම යුක්‍රේන ආර්ථිකයේ ස්ථාවරත්වයට ද හේතු වන බව සෙලෙන්ස්කි පෙන්වා දෙනවා දී තිබේ.

ගැටුම් හේතුවෙන් මේ වන විට වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ යුක්‍රේනයේ දකුණු ප්‍රදේශයටයි.

රුසියාව එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් පුද්ගලයින් මිලියන එකහාමාරකට පමණ විදුලිය ඇණහිට තිබෙන අතර විදුලිය සැපයුම යථාතත්වයට පත් කිරීම සඳහා අමෙරිකාව ලබා දෙන සහය වෙනුවෙන් ද යු‍ක්‍රේන ජනාධිපතිවරයා සිය ස්තූතිය ප්‍රකාශ කර තිබේ.

රෂිකා හෙන්නායක



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි