×

යුක්‍රේනය විසින් රුසියාවේ දෙවන A-50 ඔත්තු බැලීමේ ගුවන් යානයට ප්‍රහාර!

රුසියාව සහ යුක්‍රේනය අතර පිහිටා ඇති අසෝව් මුහුදට ඉහළින් ද ජනවාරි මාසයේදී A-50 ගුවන් යානයට වෙඩි තැබූ බව යුක්‍රේනය ප්‍රකාශ කළේය.


සටහන – රෂිකා හෙන්නායක

පෙබරවාරි, 24 ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ දෙවන A-50 ඔත්තු බැලීමේ ගුවන් යානය සති කිහිපයකට පසු බිම හෙළූ බව යුක්‍රේනය පවසයි.

රුසියාව සහ යුක්‍රේනය අතර පිහිටා ඇති අසෝව් මුහුදට ඉහළින් ද ජනවාරි මාසයේදී A-50 ගුවන් යානයට වෙඩි තැබූ බව යුක්‍රේනය ප්‍රකාශ කළේය.

කඩා වැටුණු ගුවන් යානයෙන් ඇති වූ ගින්න නිවා දැමූ බව එරට බලධාරීන් පවසති.

නමුත්, රුසියාව සතුව ක්‍රියාකාරී A-50 යානා හයක් සේවයේ තිබිය හැකි බව එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශයෙන් මීට පෙර සඳහන් කර තිබුණි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි