BORDERS MAY DIVIDE US, BUT HOPE WILL UNITE US.
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි.

යුරෝපයේ ලොකුම ප්‍රාසාංගික ගායනා තරගය – යූරෝවිෂන් තරගයේ ජය යුක්රේනයට

මෙවර යූරෝවිෂන් තරගයේ ජයග්‍රහණය ලබාගැනීමට සමත් වූයේ යුක්රේනයයි.

රුසියාව විසින් යුක්රේනය ආක්‍රමණය කර තිබෙන අතරවාරයේ යුක්රේනයේ කලූෂ් වාද්‍ය වෘන්දය විසින් ‘ස්ටෙෆනියා’ නමැති අති වර්ණවත් ලෙස ඉදිරිපත් කළ ප්‍රාසාංගික අංගය ලකුණු පුවරුවේ සටන් වූයේ ජයඝෝෂා සහ ප්‍රීතිඝෝෂා මැදිනි.

තවද, එක්සත් රාජධානිය සහ ඉතාලිය ද පරාජය කරමිනි.

මේ ‘කලූෂ්’ ජන සංගීත කණ්ඩායම, මේ මහා තරගයට සති කිහිපයක් තිබියදී පෙර පුහුණුවීම් කරනු වෙනුවට සිය ජීවිතය බේරාගැනීම උදෙසා පළා යාම අරඹා තිබිණි. ඒ, රුසියානු ප්‍රහාරකයන්ගෙන් දිවි ගළවා ගැනීම සඳහා ය.

එසේ තිබියදීත් ඔවුන් විසින් යුක්රේනයේ ජන ජවය කදිමට වේදිකාව මත විද්‍යමාන කර තිබිණි.

මේ අතර, යුක්රේනය ආක්‍රමණය කිරීමට විරෝධය පෑමක් ලෙස මෙවර යූරෝවිෂන් සංගීත තරගයෙන් රුසියාව ඉවත් කිරීමට ද සංවිධායකයන් කටයුතු කර තිබිණි.

එක්සත් රාජධානියේ සෑම් රයිඩර්, වසර 20 කට පසුව යූරෝවිෂන් තරගයක පළමු තුන් දෙනා අතරට පැමිණීමද මෙවර තරගයේ විශේෂ අවස්ථාවක් විය.

කලූෂ් ජන සංගීත කණ්ඩායම වේදිකාව වර්ණවත් ලෙස දෙවනත් කළේ රැප් කළ ජන ගීයකිනි. එම ස්ටෙෆනියා ගීතය ලංකාවේ ද ඇතුළු රටවල් ගණනාවක ජනප්‍රිය ටියුනයකි.

පහත දැක්වෙන්නේ ඔවුන්ගේ වියජග්‍රහාහී ඉදිරිපත් කිරීමයි. දින 2 ක් ඇතුළත මෙම යූ ටියුබ් වීඩියෝව මිලියන 12 ක් දෙනා විසින් නරඹා තිබේ.

 

Ukraine wins Eurovision Song Contest after performance by Kalush Orchestra


ස්වර්ගීය සත්‍ය ගවේෂණය සොයා ගිය චීනයේ Tianwen-1

ලිංගික අපයෝජනය සම්බන්ධයෙන් R.කෙලීට වසර 30ක සිර දඩුවමක්

Roe v Wade වාරණයට එරෙහිව ඇමරිකානු මුස්ලිම් ප්‍රජාව වීදි බසියි.

පුටින් නේටෝවේ ‘අධිරාජ්‍ය අභිලාෂයන්’ හෙළා දකියි

බාලවයස්කාර දැරියන් ලිංගික ජාවාරම් කළ Ghislaine Maxwell හට වසර 20ක සිර දඬුවම්

පැට්‍රිස් ලුමුම්බා: බෙල්ජියමේ කොංගෝ වීරයාගේ රන් ඔටුණු දත නැවත මව් රටට

යුක්රේනයේ ධාන්‍ය සොරකම් කරන බවට රුසියාවට චෝදනා ..

ශාන්ත ඇන්ටෝනියෝහි ට්‍රක් රථයක් තුළ සංක්‍රමණිකයන් 46 දෙනෙකු මරුට

error: Content is protected !!
error: Content is protected !!