×

සංචාරකයන්ට අදින් පසු සපුරා තහනම් වූ උලූර් පර්වතය

"එය අතිශයින්ම වැදගත් ස්ථානයක් මිස ඩිස්නිලන්තය වැනි ක්‍රීඩා පිටියක් හෝ උද්‍යානයක් නොවේ."


ඕස්ට්‍රේලියාවේ පිහිටි සුප්‍රසිද්ධ ඌලූර් කන්ද මෙතෙක් සංචාරකවයින් සඳහා විවෘතව පැවති මුත් අද රාත්‍රියෙන් පසු එහි නැගීම සපුරා තහනම් බව ඕස්ට්‍රේලියානු රජය පවසයි.

මේ හේතුවෙන් අද සහ ඊයේ සංචාරකයින් විශාල පිඉරිසක් ජීවිතයේ වතාවක් හෝ ඌලූර් නැගීමේ සිහිනය සැබෑ කර ගැනීම සදහා උත්සුක වී සිටිනු දැකිය හැති විය.

ඕස්ට්‍රේලියාවේ පිහිටි ආදීවාසීන්ගේ ජීවිත හා බැදුණූ ඉතා ඉපැරණි අධ්‍යාත්මික වැදගත්කමක් ඇති ස්ථානයක් ලෙස උල්ලූර් පර්වතය සැළකේ.

1985 වසරේ සිට ඕස්ට්‍රේලියාවේ ආනංගු නම් ආදිවාසී ප්‍රජාව ඉල්ලා සිටියේ සංචාරකයන් සදහා මෙම පර්වතය නැගීම සදහා ඉඩ ලබා නොදෙන ලෙසයි. 1985 වසරේ සිට ඖස්ට්‍රේලියානු රජය විසින් මෙම පර්වතය හා ආශ්‍රිත ඉඩම් වල වටිනාකම අානංගු ආදිවාසීන් සදහා පවරන ලදී. .

මෙම පර්වතය නැගීම තහමනම් කිරීම සදහා වන තීරණය උළුරු-කටා ටූටා ජාතික වනෝද්‍යාන කළමනාකරණ මණ්ඩලයේ නිළධාරීන් 12 දෙනෙකුගේ එකගත්වයෙන් ඒකමතිකව තීරණය විය.

The local Anangu community has been asking visitors not to climb Uluru since 1985 when the government handed back the land title to it [Stefica Bikes/Reuters]

උළුරු කටා ටූටා ජාතික වනෝද්‍යානයේ ඒකාබද්ධ කළමනාකරණ මණ්ඩලයේ සභාපති සහ මෙම පර්වතය සහ ජාතික උද්‍යානයේ පාරම්පරික උරුම කරු ලෙස සැළකෙන සැමී විල්සන් පැවසුවේ “මෙය අපගේ ටුකුර්පා [අපගේ සංස්කෘතික උරුමය], වන බවයි එහි පැවතිය යුත්තේ සිය නීතියත් සිය කථාවනුත් පමණක් බවත් ඔහු පවසා සිටියේය.

Image result for uluru

“එය අතිශයින්ම වැදගත් ස්ථානයක් මිස ඩිස්නිලන්තය වැනි ක්‍රීඩා පිටියක් හෝ උද්‍යානයක් නොවේ.” ඔහු සිය අදහස තවදුරටත් පවසා සිටියේය.

තවත් අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකාවක් සහ ප්‍රාදේශීය ආනන්ගු ආදිවාසී නායිකාවක වන තෙරේසා නිපර් පවසා සිටියේ “අපි සෑම විටම මෙම පර්වතය වැසෙන තුරු බලා සිටියෙමු යනුවෙනි.

“දැන් එය වැසෙමින් පවතින අතර සෑම දෙනාටම අපි සැබවින්ම ස්තූති වන්ත වෙමි. යැයි ඇය පැවසුවාය. උළුරු සැමවිටම ආදි වාසී ප්‍රජාව වෙනුවෙන් වෙන් වූ  පරිශුද්ධ භූමියක් පිටස්තරයන් එහි පියවර තැබීම “පර්වතයට රිදවීමක් ” බවද ඇය පවසයි.

Image result for uluru

සෙනසුරාදා එනම් හෙට සිට, මෙම පර්වතයට නැගීම නීති විරෝධී වන අතර, නීති කඩ කරන්නන් හට අවම වශයෙන් ඕස්ට්‍රේලියානු ඩොලර් 630 ක (ඇමරිකානු ඩොලර් 427) දඩයක් සහ සැළකිය යුතු කාලයක සිර දඩුවමක් නියම කරනු ඇත.

පසුගිය වසරේදී සංචාරකයන් 370,000 කට අධික පිරිසක් යුනෙස්කෝ ලෝක උරුමයක් වූ උළුර් පර්වතය තරණය කර තිබිණ.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි