×

යේමනයේ සෞදි ඒකාබද්ධ හමුදාව නැවතත් එක්සත් ජාතීන්ගේ අසාදු ලේඛනයට

2018 වසරේදී සෞදි ඒකාබද්ධ හමුදාව විසින් යෝමන් ජාතික දරුවන් 729ක් දෙනා මරා දමා හෝ තුවාල සිදු කර ඇත.


යේමනයේ ක්‍රියාත්මක වන සෞදි අරාබිය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඒකාබද්ධ හමුදාව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නැවතත් අසාදු ලේඛන ගත කර ඇත. ඒ තුන්වන වතාවටයි. එක්සත් ජාතීන්ගේ වාර්ෂික වාර්ථාව ඉදිරිපත් කරමින් සංවිධානයේ ලේඛම් ඇන්ටෝනියෝ ගුටෙරස් පවසන්නේ මෙවැනි පියවරක් ගැනීමට හේතුව සෞදි අරාබි ඒකාබද්ධ හමුදාව විසින් කාන්තාවන් හා දරුවන් මරා දැමීමට එරෙහි වීම සදහා බවයි.

2018 වසරේදී සෞදි ඒකාබද්ධ හමුදාව විසින් යෝමන් ජාතික දරුවන් 729ක් දෙනා මරා දමා හෝ තුවාල සිදු කර ඇත.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුව පසුගිය වසරේ පමණක් යේමනයේ දරුවන්ගේ සිරුරු 1689ක් සොයා ගෙන ඇති අතර ඉන් 576ක් මළ සිරුරු වන අතර අනෙක් 1113 ආබාධිත වූ සිරුරුය.

මෙම හමුදාවන් මගින් සිදු කළ බොහෝ ප්‍රහාරයන් පාසැල් හා රෝහල් මුල් කරගෙන එල්ල කර ඇති බව එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසයි.
එමෙන්ම මෙම වාර්ෂික වාර්ථාවට අනුව පසුගිය වසරේ ගෝලීය වශයෙන් යුද්ධය හේතුවෙන් මිය ගිය සහ ආබාධිත වූ දරුවන්ගේ සංඛ්‍යාව ඉහළ ගොස් ඇත. දරුවන්ට එරෙහි බරපතල ප්‍රචණ්ඩ ක්‍රියා 24000ක් වාර්ථා වී ඇති අතර ඇෆ්ගනිස්ථානය , හා සිරියාව වැඩිම ප්‍රණ්ඩ ක්‍රියාවන් වාර්ථා වූ රටවල් දෙක වෙයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි