×

ඇෆ්ගන් කාන්තාවටද නිදහස්ව ජීවත් වීමට අවසර දිය යුතුයි- එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඉලක්ක කර ගනිමින් තලේබාන්වරු විසින් කරගෙන යනු ලබන අයිතිවාසිකම් මර්දනය කිරීම දැඩි ලෙස හෙළා දැක ඇත.


තලේබාන් සංවිධානය පසුගිය සතියේ කාන්තාවන්ට විශ්වවිද්‍යාල ප්‍රවේශය සහ රාජ්‍ය නොවන සංවිධානවල (NGO) සේවය කිරීම තහනම් කිරීමත් සමඟ, එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය ඇෆ්ගනිස්ථානයේ කාන්තාවන් සහ ගැහැණු ළමයින් ඉලක්ක කර ගනිමින් තලේබාන්වරු විසින් කරගෙන යනු ලබන අයිතිවාසිකම් මර්දනය කිරීම දැඩි ලෙස හෙළා දැක ඇත.

කවුන්සිලය වැඩිදුරටත් ප්‍රකාශ කර තිබුණේ රටේ මානුෂීය මෙහෙයුම් සඳහා මෙය විශාල බලපෑමක් වනු ඇති බවයි.

කන්තාවන්ගේ මානව හිමිකම් කඩකිරීම යුක්ති සහගත නොවන බවත්, පාසල් නැවත විවෘත කරන ලෙසත්, මානව හිමිකම් සහ මූලික නිදහසට ගරු කර, අනවශ්‍ය ලෙස එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලය විසින් තලෙයිබාන් සංවිධානයෙන් ඉල්ලා ඇත.

තලේබාන් රජය විසින් කාන්තාවන්ට සේවය කිරීම තහනම් කිරීමෙන් පසු අවම වශයෙන් ඉහළ පෙළේ රාජ්‍ය නොවන සංවිධාන වන කෙයාර් ඉන්ටර්නැෂනල්, නෝර්වීජියානු සරණාගත කවුන්සිලය (එන්ආර්සී) සහ සේව් ද චිල්ඩ්රන, ජාත්‍යන්තර ගලවා ගැනීමේ කමිටුව ආදිය ඇෆ්ගනිස්ථානයේ වැඩ නතර කර ඇත. එමෙන්ම එක්සත් රාජධානිය පදනම් කරගත් ඉස්ලාමීය සහන ඇතුළු අනෙකුත් කුඩා රාජ්‍ය නොවන සංවිධාන ද අත්හිටුවීම් නිවේදනය කර ඇති අතර, රාජ්‍ය නොවන සංවිධාන පවසන්නේ කාන්තා කාර්ය මණ්ඩලය නොමැතිව තම වැඩසටහන් පවත්වාගෙන යාමට නොහැකි බවයි.

තලෙයිබාන්වරු විසින් පසුගිය වසරේ එක්සත් ජනපදය ප්‍රමුඛ විදේශ හමුදා ඉවත් කර ගැනීමෙන් රටේ පාලන බලය අත්පත්කර ගැනීමත් සමඟ 1990 ගනන්වල පැවැති තත්වයට වඩා ඔවුන්ගේ පාලන මෘදු වනු ඇතැයි පොරොන්දු වුවද. ක්‍රියාත්මක වීමේදී තලේබාන්වරු කාන්තා අයිතිවාසිකම් ක්‍රමානුකූලව සීමා කර ඇත. මේ හේතුව නිසාවෙන්ම ඇෆ්ගනිස්ථානයට නියමිතව තිබූ ණය සහනාධාර රැසක් නවතා දමන ලදි. දේශීය ආර්ථිකය බිඳ වැටීම හේතුවෙන් කාන්තාවන් සඳහා රාජ්‍ය නොවන සංවිධානවල රැකියා අවස්ථාවන් ප්‍රධාන මූලාශ්‍රයක් බවට පත්ව තිබිණි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි