×

ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන සඳහා එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විශේෂ නීතීඥවරයකු පත් කෙරේ.

මෙහිදී නීතිපතිවරයා විසින් ස්මිත් විස්තර කර තිබුණේ කණ්ඩායම් මෙහෙයවන අපක්ෂපාතී සහ අධිෂ්ඨානශීලී නඩු පවරන්නෙකු ලෙස ඔහු කොතැනක සිටියත් කරුණු අනුගමනය කිරීමට ශක්තියෙන් සහ අවධානයෙන් සිටින බවයි.


ඇමරිකා එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සම්බන්ධයෙන් සිදු කරනු ලබන විමර්ශන සඳහා නව විශේෂ නීතීඥවරයකු ලෙස ජැක් ස්මිත් පත් කළ බව එක්සත් ජනපද නීතිපති මෙරික් ගාර්ලන්ඩ් නිවේදනය කර තිබේ.

මෙහිදී විමර්ශන කටයුතු ප්‍රධාන කරුණු දෙකක් ඔසුසේ සිදු කරනු ඇත. එනම් 2020 මැතිවරණයේදී ජෝ බයිඩන් නව ජනාධිපති ලෙස නිවේදනය නොකිරීමට උතුසහ කරමින් මැතිවරණය වංචාවක් ලෙස ප්‍රකාශ කිරීමත්, සමඟ එක්සත් ජනපද කැපිටල් වෙත මාරාන්තික ජනවාරි 6 ප්‍රහාරය දියත් කිරීමට හිටපු ජනාධිපතිවරයා සම්බන්ධ ද යන්න එක් විමර්ශනයකි. මීට අමතරව ට්‍රම්ප් සිය ධුරයෙන් ඉවත්වීමෙන් පසු රහස්‍ය ලේඛන සහ අනෙකුත් ජනාධිපති වාර්තා, වැරදි ලෙස හසුරුවා ගත්තේද යන්න, මෙන්ම එම ලේඛන පිළිබඳ විමර්ශනයකට ඔහු බාධා කළේද යන්න, දෙවැන්නෙන් සොයා බලයි.

2024 ඉදිරි මැතිවරණයේදී තමා ජනාධිපති අපේක්ෂකයෙකු බව හිටපු ජනාධිපතිවරයා ප්‍රකාශ කිරීමත් සමඟ ඔහු වෙත චෝදනා ඉදිරිපත් කළ යුතුද යන්න තීරණය කිරීම සඳහා විශේෂ උපදේශකයා විසින් ස්වාධීන නඩු පවරන විනිශ්චයක් ක්‍රියාත්මක කරනු ඇති අතර, විමර්ශනවලින් පැන නගින ඕනෑම ෆෙඩරල් අපරාධ සම්බන්ධයෙන් නඩු පැවරීමට ස්වාධීන විමර්ශකයාට හැකිවනු ඇති බව එක්සත් ජනපද නීතිපති මෙහිදී ප්‍රකාශ කර තිබේ.

අලුතින් පත් කරන ලද විශේෂ නීතීඥ ස්මිත්, දැනට යුද අපරාධ නඩු විමර්ශනය කරන නෙදර්ලන්තයේ හේග් හි කොසෝවෝ විශේෂඥ මණ්ඩල සහ විශේෂඥ අභිචෝදක කාර්යාලයේ සේවය කරන අතර මීට පෙර, ඔහු 2010 සහ 2015 සිට එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුවේ මහජන අඛණ්ඩතා අංශයේ ප්‍රධානියා ලෙස සේවය කර තිබේ. ඔහු මහජන දූෂණ සහ මැතිවරණ අපරාධ හසුරුවන ලද නඩු පවරන්නන් 30 කට වැඩි කණ්ඩායමක් මෙහෙයවන ලද පුද්ගලයකි.

මෙහිදී නීතිපතිවරයා විසින් ස්මිත් විස්තර කර තිබුණේ කණ්ඩායම් මෙහෙයවන අපක්ෂපාතී සහ අධිෂ්ඨානශීලී නඩු පවරන්නෙකු ලෙස ඔහු කොතැනක සිටියත් කරුණු අනුගමනය කිරීමට ශක්තියෙන් සහ අවධානයෙන් සිටින බවයි.

සශිකලා මධුෂාණී_



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි