×

Update: බයිඩන් ජනපති ධුරය පෙනෙන දුරින් : 264-214 ක් ලෙස ඉදිරියෙන් !

ඇමරිකාවේ 46 වැනි ජනාධිපතිවරයා බවට පත් වීමේ බලාපොරොත්තුව ඇතිව ඩිමොක්‍රටික් අපේක්ෂක ජෝ බයිඩන්, 50 ක පරතරයක් ඇතිව ජයග්‍රහණයේ ආසන්නයටම පැමිණ සිටියි.


2020 ඇමරිකානු මැතිවරණයේ මිචිගන් ජනපදය ජය ගැනීමෙන් පසුව මෙම ස්ථාවරත්වය බයිඩන් විසින් ළඟා කරගෙන ඇත.

මේ අනුව දැනට පවතින තත්වය අනුව ඉලෙක්ට්‍රෝරල් කොලෙජ් හි බහුතර බලය දිනාගැනීමට අවශ්‍ය 270 අතරින් බයිඩන් ට අවශ්‍ය වන්නේ තවත් ඡන්ද 6 ක් පමණි.

තවද ඡන්ද ප්‍රතිඵල නිකුත් වීමට තිබෙන්නේ ජෝර්ජියා, උතුරු කැරොලිනා, පෙන්සිල්වේනියා, නෙවඩා සහ ඇලස්කා යන ජනපද 5 හි පමණි. කෙසේ නමුත් ඒවායේදී වැඩි වාසිය ට්‍රම්ප් හට අත්වීමට ඉඩ ඇතත්, ඇති ව තිබෙන පරතරය පියවීමට එයින් රුකුලක් ලැබීම අසීරු වනු ඇත.

ජෝර්ජියා සහ පෙන්සිල්වේනියා ජනපදවලදී ද ඩිමොක්‍රටික් පක්ෂය ජයග්‍රහණය වෙත යොමු වෙමින් සිටින බව නවතම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වන විට සෙනෙට් සභාවේ බලය දෙපාර්ශවය අතර තවමත් සම සමව පවතින අතර, නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ බලය ඩිමොක්‍රටික් පක්ෂය ආසන 204 ක් සහ, රිපබ්ලිකන් පක්ෂය ආසන 190 ක් ලෙස පවතියි.

නවතම පුවත් සඳහා රැඳී සිටින්න.

ඇමරිකානු ජනාධිපතිවරණය පිළිබඳ සියලු පෙර ලිපි මෙතැනින් කියවන්න
#uselection2020



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි