×

“අර්සුලා” පිලිපීනය කළඹයි!

මේ වන විට එම සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.


නත්තල සමරන අතරතුර පිලිපීනයට බලපෑ ෆැන්ෆෝ නැත්නම් අර්සුලා සුළි කුණාටුවෙන් මේ වන විට පුද්ගලයන් 10 දෙනෙකු පමණ මියගොස් ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.

පැයට 190km පමණ වේගයෙන් හමා ඇති එම සුළි කුණාටුවෙන් දේපළ රැසක් විනාශ වී ඇති අතර වෙරළබඩ ප්‍රදේශයට හානිය වැඩි බව සඳහන්.

මෙම සුළි කුණාටුව හේතුවෙන් නත්තල වෙනුවෙන් නිවෙස් කරා යාමට බලා සිටි දස දහසක පමණ ජනතාවට අතරමං වීමට සිදු වූ බවයි පිලිපීන වාර්තා පෙන්වා දෙන්නේ.

2013 වසරේ නොවැම්බරයේදී ද පිලිපීනයට ෆැන්ෆෝ සුළි කුණාටුව බලපෑ අතර පුද්ගලයන් 6000කට පමණ දිවි අහිමි වූ ඉතිහාසයේ දරුණුතම සුළි කුණාටුව එය විය.

පැයට 310km පමණ වේගයෙන් එය හමා විත් තිබුණි.

පිලිපීනයේ ABS-CBN මාධ්‍ය ජාල සඳහන් කර තිබෙන්නේ පවුලක්ම ගං වතුරට ගසා ගෙන යාමෙන් ගොස් මිය ගොස් ඇති අතර ඉලොයිලෝ පළාතේ පමණක් 12 දෙනෙකු පමණ අතුරුදහන් වී ඇති බවයි.

එරට ජනප්‍රිය සංචාරක දූපතක් වන බොරකේ වෙතද මෙම සුළි කුණාටුවෙන් හානි සිදු වී ඇති අතර එය කොතෙක්ද යන්න තවදුරටත් නිවැරදි තොරතුරු ලැබී නැති බවද විදෙස් මාධ්‍ය පෙන්වාදෙයි.

කෙසේවෙතත් බොරකේ වෙත ගුවන් ගමන් සේවාව ලබා දෙන කැලිබෝ ගුවන් තොටුපොළට අර්සුලා සුළි කුණාටුවෙන් හානි සිදුවී ඇති බව සඳහන්.

මේ වන විට එම සුළි කුණාටුව දකුණු චීන මුහුද දෙසට ගමන් කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත.

අෂිකා බ්‍රහ්මණ – ලංකා නිව්ස් වෙබ් වෙතිනි



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි