×

ඇමරිකානු සයිබර් ප්‍රහාරයක් හමුවේ ඉරාන හමුදා දත්ත ගබඩා අඩපණ වෙයි!

ඇමරිකාව ඉරානයට එරෙහිව එල්ල කළ සයිබර් ප්‍රහාරයක් හමුවේ එරට හමුදා සන්නිවේදන ජාල අඩපණ වෙයි.


පසුගිය ජුනි මාසයේදී එක්සත් ජනපදය ඉරානයට එරෙහිව සිදු කළ රහසිගත සයිබර් ප්‍රහාරයක් හමුවේ තෙල් ටැංකි වලට එරෙහිව ප්‍රහාර සැලසුම් කිරීමට සහ පර්සියානු ගල්ෆ් කලාපයේ සැරිසරන නැව් රහසිගතව හඳුනා ගැනීමට ඉරානයට ප්‍රයෝජනවත් විය හැකි තීරණාත්මක දත්ත ගබඩාවක් මැකී ගොස් ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඇමරිකානු නිව්යෝක් ටයිම්ස් පුවත්පත පසුගිය බදාදා (28) දින වාර්තා කර ඇති අන්දමට, ප්‍රහාරයෙන් අහිමි වූ තොරතුරු ප්‍රතිනිර්මාණය කිරීමට ටෙහෙරානය මේ වන විට උත්සාහ කරමින් සිටින අතර, මෙම සයිබර් ප්‍රහාරය ඉරාන හමුදා සන්නිවේදන ජාල විනාශ කිරීමට ද හේතු විය

මෙම තොරතුරු ලබා දී ඇත්තේ ඇමරිකානු රජයේ ඉහල නිලතල දරණ ආරංචි මාර්ග වෙතින් බවද එම පුවත්පත සඳහන් කර සිටියි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි