×

එක්සත් ජනපද මන්ත්‍රී මණ්ඩලය TikTok තහනම් කළ හැකි පනතක් සම්මත කරයි

මෙම පනත ගෙන ඒමට හේතු වී ඇත්තේ එක්සත් ජනපදයේ TikTok පරිශීලනය කරන මිලියන 170 ක පරිශීලකයින්ගේ දත්ත ByteDance සමගම හරහා චීන රජය ලබා ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමයි.


සටහන: සශිකලා මධුෂාණි, මාර්තු 13,
ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඇමරිකාවේ TikTok තහනම් කළ හැකි වැදගත් පනතක් එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය විසින් ඊයේ(13)දිනයේදී ජන්ද 352කින් සම්මත කරගෙන් ඇති බව වාර්තා වේ.

TikTok 2012 දී ආරම්භ කරන ලද චීන සමාගමක් වන ByteDance සතු වන අතර මෙම පනත මඟින් TikTokහි චීන මව් සමාගමට එහි පාලන කොටස් විකිණීමට මාස හයක කාලයක් ලබා දෙනු ඇති අතර එසේ නොවේනම් යෙදුම එක්සත් ජනපදයේ අවහිර කරනු ඇත.

මෙම පනත විදේශීය එදිරිවාදි පාලන යෙදුම් වලින් ඇමරිකානුවන් ආරක්ෂා කිරීමේ පනත ලෙස හැඳින්වෙන අතර මෙම පනත ගෙන ඒමට හේතු වී ඇත්තේ එක්සත් ජනපදයේ TikTok පරිශීලනය කරන මිලියන 170 ක පරිශීලකයින්ගේ දත්ත ByteDance සමගම හරහා චීන රජය ලබා ගැනීම ජාතික ආරක්ෂාවට තර්ජනයක් වීමයි.

මේ සම්බන්ධයෙන් පසුගිය ජනවාරි මාසයේ වෝල් ස්ට්‍රීට් ජර්නලය විසින් කරන ලද පරිෂණයකට අනුව හෙළි වුයේ, TikTok සහ චීනයේ ByteDance අතර නිල නොවන ලෙස බෙදාගෙන ඇති බවයි. මේ සම්බන්ධයෙන් ඔවුන් මාධ්‍යවේදියෙකුගේ දත්ත වෙත ප්‍රවේශ වූ එක් සිදුවීමක් ඇතුළු ඉහළ පෙළේ සිද්ධීන් ගණනාවක් සඳහන් කර තිබිණ.

මෙම පනත් කෙටුම්පත ද්විපාර්ශ්වික ඡන්දයකින් අතිමහත් ලෙස සම්මත වුවද, එය නීතියක් බවට පත්වීම සඳහා සෙනෙට් සභාව නිෂ්කාශනය කර ජනාධිපතිවරයා විසින් අත්සන් කළ යුතුය. මේ සම්බන්ධයෙන් ජෝ බයිඩන් සඳහන් කර තිබුණේ, පනත සිය මේසයට ලැබුණු වහාම එය අත්සන් කරන බවයි.

පනතේ සම-කර්තෘ විස්කොන්සින් රිපබ්ලිකානුවෙකු වන මයික් ගැලගර් පැවසුවේ චීන කොමියුනිස්ට් පක්ෂයට අයත් සමාගමක් විසින් පාලනය කරනු ලබන හෝ හිමිකාරීත්වය දරන ඇමරිකාවේ ප්‍රමුඛ පුවත් වේදිකාවක් තිබීමේ අවදානම එක්සත් ජනපදයට ගත නොහැකි බවයි.

කෙසේ නමුත්, මේ පනත එක්සත් ජනපදයේ TikTok පරිශීලකයන් අතර විශාල නොසන්සුන්තාවයක් ඇතිකර ඇති අතර මේ සම්බන්ධයෙන් TikTok හි ප්‍රධාන විධායක Shou Zi Chew පැවසුවේ සමාගම එහි දත්ත සුරක්ෂිතව තබා ගැනීමට කැපවී සිටින බවත්, පනත සම්මත වන්නේ නම් ඇමරිකානු රැකියා දහස් ගණනක් අහිමිවනු ඇති බවයි.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි