×

ඇමෙරිකානු බුද්ධි අංශ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

ඩෑන් කෝට්ස් 2017 වසරේ මාර්තු මස මෙම ධූරයේ කටයුතු ආරම්භ කර ඇති අතර ඔහු CIA සහ NSA ඇතුළු ඇමරිකානු බුද්ධි අංශ ආයතන 17ක ප්‍රධානත්වය දරා ඇත.


ඇමෙරිකා එක්සත් ජනපදයේ බුද්ධි අංශ ප්‍රධානියා ලෙස ධූර දැරූ ඩෑන් කෝටිස් සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.

ඔහුගේ ඉල්ලා අස්වීමත් සමග එම ධූරය සදහා තමන් විසින් කොංග්‍රස් පාක්ෂිකයෙකු වන ජෝන් රැට්ක්ලිෆ් තෝරා පත් කරගන්නා බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා සිටියි.


ඩෑන් කෝට්ස් 2017 වසරේ මාර්තු මස මෙම ධූරයේ කටයුතු ආරම්භ කර ඇති අතර ඔහු CIA සහ NSA ඇතුළු ඇමරිකානු බුද්ධි අංශ ආයතන 17ක ප්‍රධානත්වය දරා ඇත.

සිය ඉල්ලා අස්වීම පිළිබදව ජනපතිවරාය ලිපියක් ඉදිරිපත් කරමින් ඔහු පවසා ඇත්තේ තමන් ධූරය හොබවමින් සිටි නකාලයේ තම උපරිමයෙන් කටයුතු කළ බවත් පසු ගිය පෙබරවාරියේ ජනපති විසින් තමන්ට තව දුරටත් ධූරයේ රැදී සිටින්නට ආරාධනය කළ බවත්ය . නමුත් ඔහු මෙම ලිපිය තුළ ඇමරිකාව විසින් මේ වන විට රුසියාව , ඉරානය සහ උතුරුකොරියාව සම්බන්ධයෙන් මෙතෙක් අනුගමනය කළ විදෙස් ප්‍රතිපත්ති වෙනස් මගක් ගෙන ඇති බවට සදහන් කර ඇත. ඔහු මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටින්නේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් ජනපතිවරයාගේ ක්‍රියාකලාපය සම්බන්ධව තමන්ට උපරිමයෙන් සෑහීමකට පත් නොවිය හැකි බවයි. ට්‍රම්ප් ජනපතිවරයගේ විදෙස් ප්‍රතිපත්තීන් සම්බන්ධව කටයුතු කළ යුත්තේ කෙසේදැයි තමන්ගෙන් කවුරු හෝ ඇසුවහෝත් පවතින ප්‍රතිපත්තීන්ට වඩා හාත් පසින් වෙනස් ප්‍රතිපත්තියක් තමන් තුළ ඇති බවද ඔහු සදහන් කර ඇත.



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි