×

පිටසක්වලයෝ ඇවිත් ද? නැත්නම් චීන බැලූන් කට්ටක් ද?

වයඹදිග යුකොන් ප්‍රදේශයට ඉහළින් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් විසින් වෙඩි තබා ඇති අද්භූත පියාසර වස්තුවක සුන්බුන් සොයමින් සිටින බවට වාර්තා!


ඉකුත් ඉරිදා(12) වයඹදිග යුකොන් ප්‍රදේශයට ඉහළින් එක්සත් ජනපද ප්‍රහාරක ජෙට් යානයක් විසින් වෙඩි තබා ඇති අද්භූත පියාසර වස්තුවක සුන්බුන් සොයමින් සිටින බවට වාර්තා මතුව පවතී.

මෙම අද්භූත පියාසර වස්තුව සොයා ගැනීමට සහ ඒ පිළිබඳ විශ්ලේෂණය කිරීමට බලා සිටින බව කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ ඉරිදා වාර්තාකරුවන්ට පැවසුවේය. එය කුමක්ද? යන්න පිළිබඳව ඔහු කිසිදු ඉඟියක් නොදුන් නමුත්, එය “සිවිල් ගුවන් ගමන් ආරක්ෂාවට සාධාරණ තර්ජනයක්” බව ඔහු එහි දී පැවසීය.

මෙම මස මුලදී සුදු පැහැති චීන ගුවන් යානයක් ඉහළ අහසෙහි දිස්වීමත් සමඟ උතුරු ඇමරිකාව ගුවන් ආක්‍රමණයන් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින බව ද පැවසේ.

මේ සම්බන්ධයෙන් මීටර් 60 ක් උස (අඩි 200) බීජිං බැලූනයක් එක්සත් ජනපදය පිළිබඳ ඔත්තු බැලීමට භාවිතා කළ බවට ද ඇමරිකානුවෝ චෝදනා කරති.

ඇතැමුන් මෙය චීන යානාවක් බව පැවසුවත් සමහරක් පවසන්නේ එය චීන යානාවන්ට සාපේක්ෂව කුඩා බවයි.

කෙසේ වෙතත්, මෙම සිද්ධිය හේතුවෙන් පැය 24ක් තුළ දෙවතාවක් එක්සත් ජනපද නිලධාරීන් තම ගුවන් අවකාශය වසා දමා ඇත. ෆෙඩරල් ගුවන් සේවා පරිපාලනය අංශය විසින් මිචිගන් විලට ඉහලින් පිහිටි අවකාශය ද කෙටි කාලයකට වසා දැමීය.

එම යානයේ සුන්බුන් සහ ඉලෙක්ට්‍රොනික උපකරණ සොයා ගැනීම සඳහා දකුණු කැරොලිනාවේ සාගර පත්ළේ එක්සත් ජනපද විමර්ශකයෝ සැරිසරන බව ද වාර්තා වේ.

නිපුනි ලියනගේ



#OutboundToday
Borders may divide us, but hope will unite us
මායිම් අප වෙන් කළ ද, බලාපොරොත්තුව අප එක්කරයි